යේමනයේ සානා අගනුවර දී සිදුවු තෙරපීමකින් පුද්ගලයින් 85දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
රාමදාන් උත්සවය වෙනුවෙන් සානාහි ජනතාව වෙත ආධාර බෙදාහැරීමේ වැඩසටහනක් අතර තුර ඇති වූ තෙරපීමකින් එම මරණ වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මියගිය අය අතර ළමුන් සහ කාන්තාවන් ද වන බව සඳහන්ය.
තෙරපීමෙන් තවත් පුද්ගලයින් 322කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.