නේපාල ජනාධිපතිවරයාව රෝගී තත්ත්වයක් හේතුවෙන් හදිසියේ ඉන්දියාවට රැගෙනවිත් තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ නේපාල ජනාධිපතිවරයාව ගුවන් මගින් නවදිල්ලිය වෙත රැගෙනවිත් ඇති බවය.
නවදිල්ලියේ All India Institute of Medical Sciences (AIIMS) රෝහල වෙත ඔහුව රැගෙනවිත් ඇති බවද නේපාල බලධාරීන් තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
නේපාල ජනාධිපතිවරයා ට පෙනහළු ආශ්රිත ආසාදනයක් ඇති බව අනාවරණයවීමෙන් පසු ප්‍රතිකාර සඳහා ඔහුව එලෙස ඉන්දියාව වෙත රැගෙනවිත් තිබේ.