බස්නාහිර පළාතේ රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ පත් කර තිබෙනවා. මෙතෙක් ඔහු කටයුතු කළේ රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.
බස්නාහිර පළාතේ රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී කළ යූ පී ඒ ඩී කේ පී කරුණානායක රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙනවා.
පොලිස්පතිවරයා විසින් එම ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාව මතයි.