Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026

    ලංකා IOC ඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළ දමයි

    April 8, 2026

    GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

    April 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයක
    Sport

    ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයක

    By LFNApril 17, 2023No Comments2 Mins Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී (16) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ශතක වාර්තා කිරීමට නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් සමත්විය.

    පළමු දිනය නිමා වන විට පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා පිල කඩුලු 4ක් දැවී රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 386 කි.

    අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර මෙලෙස ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන්නේ ඉතිහාසයේ පළමු වරටය.

    මෙම ඓතිහාසික ටෙස්ට් තරගයේ පළමුවෙන් කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

    නායක දිමුත් කරුණාරත්න සමගින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ නිෂාන් මදුෂ්ක ලකුණු 29ක් ලබා සිටියදී දැවීගියේ මුළු ලකුණු සංඛ්‍යාව 64ක්ව තිබියදීය.

    අනතුරුව නායක දිමුත් කරුණාරත්න සමගින් පිටියේ එක් වූ කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ලට ලකුණු 281ක සබඳතාවක් ගොඩනැගුවේය.

    එම සබඳතාව වාර්තා අතරට එක් වූයේ ගාල්ල ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගුණු වැඩිම ලකුණු සබඳතාව ලෙසය.

    දිමුත් කරුණාරත්න අද සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 15වන ශතකය වාර්තා කිරීම විශේෂත්වයකි.

    දිමුත්ට අනගි සහායක් දුන් කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8 වන ශතකය අද වාර්තා කළේය.

    කුසල් මෙන්ඩිස් ලකුණු 140ක් ලබා සිටියදී දැවීගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 345ක්ව තිබියදීය.

    ඇන්ජලෝ මැතිව්ස්ට ලකුණු නොලබා දැවී ගිය අතර දිමුත් කරුණාරත්න ලකුණු 179ක් රැස් කළේය.

    ඒ අනුව ශ්‍රී ලංකා පිල දිනය නිමාවන විට කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 386 කි.

    නොදැවී පන්දුවට පහර දෙන දිනේෂ් චන්දිමාල් ලකුණු 18ක් සහ සැඳෑආරක්ෂකයා ලෙස පිටියේ එක්වූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 12 ක් ලබා සිටි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නවතම ශ්‍රේණිගත කිරීම්වල වනිදු – මහීෂ් ඉදිරියට

    March 26, 2026

    ශේන් වෝන්ගේ නැණවත් තීරණය

    March 25, 2026

    ධුරයෙන් සමු ගැනීම ගැන සනත් කතා කරයි

    March 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,378 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026061 Views

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය සේවාලාභීන් සඳහා පමණක් අද (08) සිට එක්දින සේවය යටතේ…

    ලංකා IOC ඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළ දමයි

    April 8, 2026

    GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

    April 6, 2026

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ පුද්ගලයන් 11ක් ජීවිතක්ෂයට

    April 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.