Close Menu
Lanka Focus News
    What's Hot

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ලංකාවේ ශ්‍රමිකයන් ගෙන්වන්න ජපානයේ ප්‍රමුඛ සමාගමක් ගිවිසුම්ගත වෙයි
    Local News

    ලංකාවේ ශ්‍රමිකයන් ගෙන්වන්න ජපානයේ ප්‍රමුඛ සමාගමක් ගිවිසුම්ගත වෙයි

    By LFNApril 14, 2023No Comments2 Mins Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සහ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන අවභෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය සහ ජපානයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සමූහයක් වන පැසෝනා සමූහය එළඹ තිබේ.

    කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ජපන් නිල සංචාරය අතරවාරයේදී Awaji Island හි “Wave Riding Festival” රඟහලේදී මෙම අවභෝධතා ගිවිසුමට අත්සන් තබා ඇත. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය සහ පැසෝනා සමූහය අතර මෙම අවභෝධතා ගිවිසුමට අත්සන් කර තිබේ.

    මෙම අවභෝධතා ගිවිසුමට අනුව රැකියා අවස්ථා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බදවාගැනීමට අපේක්ෂිත ජපන් ආයතනවලට අවශ්‍ය ස්ථානීය බදවා ගැනීම් සදහා පැසෝනා සමූහය සිය සහාය ලබාදෙයි. ඊට අමතරව ජපානයේ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා ලබාගැනීම සදහා අවශ්‍ය සහාය ලබාදීමට පැසෝනා සමූහය කටයුතු කරනු ලබයි. මෙම අවභෝධතා ගිවිසුම අනුව ජපන් ආයෝජකයින් ආකර්ශනය කරගැනීම සදහා පැසෝනා සමූහය විසින් ආයෝජන සම්මන්ත්‍රණ සහ ආයෝජන උපදේශන පැවැත්වීමට නියමිතය.

    ඒ අතරම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා සංචාරක ක්ෂේත්‍රෙය් රැකියාවල නියුතු වෘත්තිකයින්ගේ කුසලතා සහ පුහුණුව වැඩි දියුණු කිරීම සදහා වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, ජපන් සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීම සදහා වන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත් නියමිතය.

    නිදහසෙන් පසුව ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ස්ථාවර රටක් ගොඩ නැගීම සදහා මේ වන විට කටයුතු කරමින් සිටින බවත් අවභෝධතා ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. මෙම අර්බුදය රටේ ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් බවත්, මෙවැනි අර්බුද යළිත් ඇති නොවීම සදහා අවශ්‍ය ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ මේ වන විට සිදු කරමින් තිබෙන බවත් අමාත්‍යවරයා සදහන් කළේය. එහිදී කාර්යක්ෂම ශ්‍රම බලකායක් වර්ධනය කිරීම සදහා ජපානය ඇතුළු ලොව පුරා ප්‍රශස්ත භාවිතාවන් අධ්‍යයන කරමින් ශ්‍රමිකයින්ට නම්‍යශීලීව, අර්ධකාලීන සහ බහුවිධ රැකියා කිරීමට අවස්ථාව ලබාදෙන බවත් අමාත්‍යවරයා කීවේය.

    ජපානයේ මානව සම්පත් පිළිබද ප්‍රමුඛයෙක් වන පැසෝනා සමූහය සමග එක්වීම ශ්‍රී ලංකාවවට ඓතිහාසික දිනයක් බවත්, මෙම හවුල්කාරීත්වය රටවල් දෙකටම විවිධ ක්ෂේත්‍රවල අනොන්‍ය ප්‍රතිලාභ අත්කර දෙන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

    මෙම අවස්ථාව සදහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ උපදේශක ශාන් යහම්පත්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ නීතීඥ සමින්ද ජයසේකර, ජපන් – ශ්‍රී ලංකා රැකියා සම්බන්ධයෙන් වන විශේෂ නියෝජිත ආචාර්ය රුවන් පෙරේරා යන මහත්වරු එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 202604 Views

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු…

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.