පිරිසක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය පවසන්නේ වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය, හැඳල ප්‍රදේශයේදී ඊයේ (11) එම ඝාතනය සිදුව ඇති බවය.
එසේ මියගොස් ඇත්තේ, 38 හැවිරිදි වලේබඩවත්ත, පහළ කොටස, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවට පොලීසිය සැකපළකරයි.
ඝාතනය සිදුකළ සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.