Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

    March 7, 2026

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

    March 7, 2026

    වියළි කාලගුණික තත්ත්වය තවදුරටත්

    March 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ඔබට ගෙයක් – රටට හෙටක් සියයට 50ක් අවසන්
    Local News

    ඔබට ගෙයක් – රටට හෙටක් සියයට 50ක් අවසන්

    By LFNApril 11, 2023No Comments1 Min Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ස්ථීර නිවසක් නොමැති අඩුආදායම් ලාභීන් වෙනුවෙන් “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීම් මේ වනවිට 50 ෴ක පමණ වැඩ අවසන්ව ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.‍

    ඒ අනුව, 2021 වසරේදී නිවාස 12,231ක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 6,039ක වැඩ අවසන් කර තිබේ.

    එමෙන්ම 2022 වසරේදී නිවාස 1,465ක වැඩ ආරම්භ කළද වැඩ අවසන්ව ඇත්තේ නිවාස 25ක පමණි.

    මෙම ව්‍යාපෘතිය යටතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පමණක් නිවාස 1,215ක වැඩ ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 727ක වැඩ අවසන්ව ඇත.

    එමෙන්ම මිනුවන්ගොඩ ආසනය තුළ පමණක් නිවාස 159ක වැඩ ආරම්භ කර තිබේ.

    මේ වනවිට ඉන් නිවාස 78ක වැඩ අවසන්කර ඇතිබව ද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

    මීට පෙර වසරවලදී ආරම්භ කර නිම නොවූ ව්‍යාපෘතිවල වැඩ අවසන් කිරීමට ද මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 3,750ක මුදලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ලබාදී ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ යටතේ ග්‍රාමසේවා වසම් 14,022ම ආවරණයවන පරිදි එක් ග්‍රාමසේවා වසමකට එක් නිවසක් බැගින් නිවාස 14,022 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

    March 7, 2026

    වියළි කාලගුණික තත්ත්වය තවදුරටත්

    March 7, 2026

    බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසේ දැන් වැඩිහිටි නිවාසයක් – වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා

    March 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

    March 7, 20260118 Views

    රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ දුරකථනයෙන් සාකච්ඡා කර තිබේ. එහිදී ඉරානයේ…

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

    March 7, 2026

    වියළි කාලගුණික තත්ත්වය තවදුරටත්

    March 7, 2026

    බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසේ දැන් වැඩිහිටි නිවාසයක් – වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා

    March 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.