මහනුවර පොල්ගොල්ල වේල්ල අසල දිය නාමින් සිටි පාසල් සිසුවෙකු දියේ ගිලි මියගොස් තිබේ.
පාසල් සිසුන් සිව්දෙනෙකු පොල්ගොල්ල වේල්ලට මීටර් 300ක් පමණ පහළින් දියනාමින් සිටි අවස්ථාවේ ඉන් සිසුන් දෙදෙනෙකු දියේ ගිලි මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය පැවසුවේය.
කෙසේවෙතත් දියේ ගිලි ඇති සිසුන් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් සිසුවෙකු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 17 හැවිරිදි මහනුවර තිත්තවෙල පාර ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකු බව සඳහන්ය.
අනෙක් සිසුවා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර සෙවනගල වලවේ ගඟේ දියනෑමට ගිය කුඩා දරුවෙකු ද දියේ ගිලි මියගොස් තිබේ.
පියෙකු සහ දරුවන් දෙදෙනකු එහි දිය නාමින් සිටියදි 12 හැවිරිදි එක් දරුවෙකු දියේ ගිලි මියගොස් ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.