Close Menu
Lanka Focus News
    What's Hot

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් රැසක්
    Local News

    පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් රැසක්

    By LFNApril 10, 2023No Comments1 Min Read222 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උත්සව සමයේ වැඩිමිලට භාණ්ඩ අලෙවි කිරීම, තොග සඟවා තබා ගැනීම හා විකිණීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් වැටලීම් 1,500 කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    එම වැටලීම්වලට අදාළ වෙළදුන්ට ඉදිරි දින කිහිපයක තුළදි නඩු පැවරීමට පියවර ගන්නා බව එම අධිකාරිය සඳහන් කළේය.

    මෙවර උත්සව සමයේ සිදුකරන වැටලීම්වලදි බිත්තර අලෙවිය පිළිබඳ වැඩි අවදානයක් යොමුකර තිබේ.

    ඒ අනුව ඊයේ (09) දිනයේ කුරුණෑගල, හල්මිල්ලවැව සහ කඩිගමුව යන ප්‍රදේශවල බිත්තර ගොවිපොළවල් පරීක්ෂා කිරීමේදී වැටලීම් කිහිපයක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

    ඉදිරි දින කිහිපය තුළ ද වෙළෙඳපොළ වැටලීම්වලට සමගාමීව බිත්තර ගොවිපලවල් ද පරීක්ෂා කිරීම සඳහා වැටලීම් හා විමර්ශන සඳහා නිලධාරින් යොමු කර ඇති බව එම අධිකාරිය වැඩිදුරටත් පැවසුවේය.

    මේ අතර උත්සව සමයේ වෙළෙඳ මාෆියාවක් ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 202604 Views

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු…

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.