Close Menu
Lanka Focus News
    What's Hot

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»විදේශීය ඉන්ධන සමාගම් පවතින මිලට අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට සැරසෙයි
    Hot News

    විදේශීය ඉන්ධන සමාගම් පවතින මිලට අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට සැරසෙයි

    By LFNApril 10, 2023No Comments2 Mins Read301 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරටට පැමිණීමට නියමිත විදෙස් ඉන්ධන සමාගම් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පවතින ඉන්ධන මිල ගණන්වලට වඩා අඩු අගයකින් ඉන්ධන අලෙවි කිරීමට රජය අවසර ලබා දී තිබේ.

    සමාගම් තුනක් සඳහා මෙරට ඉන්ධන අලෙවිය සිදුකිරීමට අවසර ලබාදී ඇති අතර ඊට අදාළ ගිවිසුම්වල කාර්යයන් මේ මස අගදී අවසන් කිරීමට නියමිත බව වාර්තා වේ.

    චීනයේ සයිනොපෙක්, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ අමෙරිකාවේ ආර්.එම්. පාක්ස් යන සමාගම් ත්‍රිත්වය සඳහා මෙරට ඉන්ධන සිල්ලර වෙළෙඳපොළට ඇතුළු වීමට අවසර ලබාදී තිබේ.

    ඒ අනුව සමාගම්වලට ඛනිජ තෙල් සංස්ථාවේ මිලට වඩා සැලකිය යුතු මට්ටමක අඩු මිලට ඉන්ධන අලෙවි කිරීමට අවසර දීම කෙරෙහි රජයේ අවදානය යොමුව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයන් එම සමාගම්වල නියෝජිතයින් අතර එකඟතාවන්ට පැමිණීමට නියමිත අතර ඉන් පසුව අඩු මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීමට අවසර ලබාදීමට නියමිතය.

    එම තත්ත්වය තුළ තරඟකාරී වෙළෙඳපොළක් නිර්මාණය වීම, සංස්ථාවේ ඉන්ධන ඉල්ලුම අඩුවීම සහ රටේ ඉන්ධන අර්බුධයක් ඇතිවීමේ තත්ත්වයන් සමනය වනු ඇති බවට බලශක්ති අමාත්‍යංශය පුරෝකථනය කර තිබේ.

    මේ වන විට ඉන්ධන ආනයනය සඳහා රජය මසකට ඩොලර් මිලියන 450ක සාමාන්‍යයක් වැය බරක් දරන අතර නව සමාගම් ත්‍රිත්වය මසකට ඩොලර් මිලියන 120 බැගින් ඉන්ධන ආනයනය කරනු ඇති බවට අපේක්ෂා කරන බව ඛනිජ තෙල් සංස්ථාව පැවසුවේය.

    එමඟින් ඉන්ධන ආනයනයට යන වියදම අඩුකර ගත හැකි බව එම සංස්ථාව පෙන්වාදෙයි.

    ඊට අමතරව මෙම විදෙස් සමාගම් ත්‍රිත්වය වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 2.2ක ඉන්ධන ආනයනය කිරීමට සැලසුම් කර ඇති අතර එමඟින් භාණ්ඩාගාරයට පවතින වැයබර ද ක්‍රමයෙන් අඩු වනු ඇති බව සඳහන්ය.

    ගිවිසුම් කාර්යයන් අවසන් වු පසු මෙම සමාගම්වලට ඉන්ධනහල් 150ක් ක්‍රියාත්මක කිරීමට අවසර හිමිවන අතර අනතුරුව ඉන්ධන පිරවුම්හල් 50 බැගින් විවෘත කර මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යාමට හැකිවනු ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථා ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026

    ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බව ඇමති කියයි

    August 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 202604 Views

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු…

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.