Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

    June 9, 2025

    හෙට සිට කාලගුණයේ වෙනසක්

    June 9, 2025

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ඉන්දියාව සමීපයටම ගොස් ආපසු හරවාගෙන ආ යානය
    Local News

    ඉන්දියාව සමීපයටම ගොස් ආපසු හරවාගෙන ආ යානය

    By LFNApril 9, 2023No Comments1 Min Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පැය 15 කට ආසන්න කාලයක් ප්‍රමාද වී ඩුබායි බලා පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ.

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානය ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබුණේ 04/07 දින සවස 06.25 ටය. එහෙත් මෙම ගුවන් යානය පිටත්ව ගොස් තිබුණේ 04/08 උදෑසන 09.30 ටය.

    මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් පැය 01 යි විනාඩි 10 කට පසුව එනම් උදෑසන 10.40 ට යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ.

    ඒ වනවිට මෙම ගුවන් යානය ඉන්දියාව සමීපයට ගමන් කර තිබුණි. මෙම ගුවන් යානයේ ප්‍රධාන නියමුවා ඉදිරිපිට ඇති වීදුරුව (Windscreen Crack ) ඉරිතැලීමකට ලක් වී ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .

    එනිසා තවදුරටත් ඉදිරියට ගමන් නොකර ගුවන් නියමුවා , තම ගුවන් යානය ආපසු හරවා ගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

    මෙම ගුවන් යානය තුළ මගීන් 189 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිට තිබේ .

    මෙම ගුවන් ගමන වෙනත් ගුවන් යානයක් යොදවා 04/08 දින සවස කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව යාමට නියමිත බව ද ගුවන් තොටුපළ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

    June 9, 2025

    හෙට සිට කාලගුණයේ වෙනසක්

    June 9, 2025

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,298 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,497 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,917 Views
    Don't Miss

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

    June 9, 20250126 Views

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ (8) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ජනාධිපති…

    හෙට සිට කාලගුණයේ වෙනසක්

    June 9, 2025

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025

    මර්වින් සිල්වාට අධි චෝදනා භාරදෙයි

    June 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.