Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ප්‍රමාද වූ ගුවන් යානය වෙනුවට වෙනත් ගුවන් යානයක්
    Local News

    ප්‍රමාද වූ ගුවන් යානය වෙනුවට වෙනත් ගුවන් යානයක්

    By LFNApril 9, 2023No Comments2 Mins Read175 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රමාද වීමකට සහ පසුව කාර්මික දෝශයකට ලක් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ සිටි ගුවන් මගීන් වෙනත් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත් කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානය ගුවන් මගීන් 189 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු රැගෙන 04/07 දින සවස 06.25 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබුණි .

    එහෙත් මෙම ගුවන් යානය පැය 15 කට ආසන්න කාළයක් ප්‍රමාදවීමකට ලක් වීමෙන් අනතුරුව 04/08 දින උදෑසන 09.30 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි .

    නමුත් මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී පැය 01 යි විනාඩි 10 කට පසුව එනම් 04/08 දින උදෑසන 10.40 ට යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ආපසු හරවා ගෙන පැමිණීමට ගුවන් නියමුවා කටයුතු කර තිබුණි .

    එයට හේතු වී තිබුණේ මෙම ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ඉදිරිපස ඇති (සුළං මුවාව ) වීදුරුව ( Windscreen Crack ) ඉරි තැලීමකට භාජනය වීමය .

    මෙම සිදුවීම වනවිට මෙම ගුවන් යානය ඉන්දියාව සමීපව , එරට පසු කිරීමට ආසන්නව ගමන් කරමින් තිබී ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේය .

    පසුව මෙම ගුවන් යානයේ ගමන් ගැනීමට නියමිතව සිටි ගුවන් මගීන් පිරිස 04/08 දින රාත්‍රී 07.40 ට වෙනත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මගින් සහ තවත් වෙනත් ගුවන් යානා කීපයකින් ඩුබායි වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි .

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202606 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.