රාජ්‍ය ණය අර්බුදය මගහරවා ගැනීම සඳහා පාකිස්තානයට හදිසි විදේශ ණය අවශ්‍ය බව ලෝක බැංකුව පවසයි.
ඒ අනුව, රාජ්‍ය ණය අර්බුදය වළක්වා ගැනීම සඳහා නව විදේශ ණය සොයා ගැනීමට පාකිස්තානය වහාම කටයුතු කළ යුතු බවට ලෝක බැංකුව පාකිස්තානයෙන් ඉල්ලා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝක බැංකුව පවසා ඇත්තේ පාකිස්තානයේ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම මූල්‍ය වර්ෂයේදී පාකිස්තානුවන් මිලියන ගණනක් දරිද්‍රතාවයට තල්ලුවී ඇති බවය.
ඒ හේතුවෙන් පාකිස්තාන රජය IMF වැඩසටහන් ප්‍රතිසංස්කරණ පවත්වා ගෙන යාමට අවශ්‍ය බවද ලෝක බැංකුව යෝජනා කරයි.