ඊශ්‍රායලයේ කතානායක ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ.
ඔවුන් ලබන 04 වනදා දක්වා ඉන්දියාවේ රැඳීසිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම ඊශ්‍රායල කථානායකවරයෙකු නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි පළමු අවස්ථාව මෙය බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
එහිදී ඉන්දීය කථානායකවරයාව හමුවී ඇති ඊශ්‍රායල් කථානායකවරයා පවසා ඇත්තේ ඉන්දියාව යනු ඊශ්‍රායලයේ සමීපතම මිතුරෙකු බවය.
ඉන්දියාව බොහෝ ක්ෂේත්රවලින් ලොව නැගීඑන බලවතෙකු බවද ඊශ්‍රායල් කථානායකවරයා සඳහන් කර ඇත.
ඉන්දියාව සමග ඇති සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට ඊශ්‍රායලයේ අපේක්ෂාව බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.