Close Menu
Lanka Focus News
    What's Hot

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»රට බංකොලොත් කළ ප්‍රධාන කරුණු දෙක මහ බැංකු අධිපති කියයි
    Hot News

    රට බංකොලොත් කළ ප්‍රධාන කරුණු දෙක මහ බැංකු අධිපති කියයි

    By LFNMarch 17, 2023No Comments2 Mins Read222 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට බංකොලොත්වීමට හේතුවූ ප්‍රධාන හේතු 02 පිළිබඳව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (16) අනාවරණය කළේය.

    ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ පැහැදිලි කිරීම වෙනුවෙන් ඊයේ පැවැති දේශනයකදී මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

    මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

    “අලුත් පනත යටතේ ප්‍රධාන අරමුණක් වෙන්නේ මුදල් පාලනය.. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ක්‍රියාත්මක වෙන්නේ ඒ වෙනුවෙන්.

    බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන, ඒජන්සි කළමනාකරණය සඳහා පාලක මණ්ඩලය ක්‍රියාත්මක වෙනවා.”

    “2020 වසරේ සිට මහ බැංකුවේ මත වෙනසක් තිබුණා. පොලී අනුපාතය සහ විනිමය අනුපාතය පාලනය නොකර එකම අගයක තියාගමු කියලා කිව්වා. ඒකෙන් වුණේ අත්දෙක ගැටගැහුවා වගේ දෙයක්.”

    “මේක තමයි දේශීය සහ විදේශීයව ඉල්ලුම පාලනය කරන්න මහ බැංකුවට තිබෙන උපකරණ දෙක.”

    “මේ දෙක පාලනය කරන්නේ නැතුව ආර්ථික වර්ධන වේගය ස්ථාවර කරන්න බැහැ.”

    “ඒ නිසා 5%ට පොලී අනුපාතය අඩු වෙනකොට හැමෝම අඩු පොලියට ණය අරගෙන අද හිරවෙලා ඉන්නවා.”

    “විනිමය අනුපාතය 203ට තියෙගෙන හිටපු නිසා අද අපේ සංචිත ඔක්කොම නැති කරලා රට බංකොලොත් බවට ප්‍රකාශ කරන්න සිද්ධ වුණා. ඒකෙ ප්‍රතිඵල මේ.”

    “මේක වෙනස් කළ යුත්තේ ඇයි කියන එකට මේක හොඳම සාධකයක්.”

    “මේ රටේ ලොකුම ණයකරු එක්කො රජය.. නැත්තම් රජය සතු සංස්ථා.”

    “රටේ ණය ගන්න අය වැඩියි ඉතුරු කරන අයට වැඩිය.”

    “විදේශ විනිමය වියදම් කරන අය වැඩියි.. උපයන අයට වැඩිය.”

    “ජනමත විචාරණයක් තිබ්බොත් බහුතරය කියන්නේ විනිමය අනුපාතය 203 තියාගන්න කියලා. හැබැයි මහ බැංකුව ගන්නේ ජනප්‍රිය තීරණ නෙමෙයි..හරි තීරණය.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 202603 Views

    මාදම්පිටිය, කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. මාදම්පිටිය පොලීසියට ලද තොරතුරකට අනුව…

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.