Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»රජයේ ආයතන 100ක් වහන්න යයි
    Hot News

    රජයේ ආයතන 100ක් වහන්න යයි

    By LFNMarch 6, 2023No Comments2 Mins Read430 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජය යටතේ පවතින කොමිෂන් සභා, නියෝජිතායතන සහ උපදේශක මණ්ඩල 100කට අධික සංඛ්‍යාවක සේවා අවශ්‍ය නොවන බව හෝ පවතින ආයතනවලින් ඉටු කළ හැකි බවට හඳුනාගෙන තිබීම හේතුවෙන් එම ආයතනවල බලතල අවසන් කිරීමට හෝ පැවරීමට තීරණය කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.

    මේ අනුව වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව මාර්තු 31 වැනිදා සිට අවසන් කිරීමට නියමිත අතර එහි කටයුතු මුදල් අමාත්‍යාංශය යටතේ ඇති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ ඇති ආයතන කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවැරීමට නියමිතව තිබේ.

    වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සාමාජිකයින් 15 දෙනෙකු සහ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් 36 දෙනෙකු නඩත්තු කිරීම සඳහා රජය මේ වන විට රුපියල් මිලියන 5.8 ක් වැය කරයි.

    කොමිෂන් සභාව පසුගිය මාසයේ කාර්ය මණ්ඩල වැටුප් සඳහා රුපියල් මිලියන 2.7 ක් සහ BMICH හි කුලිය සඳහා රුපියල් මිලියන 1.4 ක් වැය කර ඇති අතර එහි මුළු වියදම රුපියල් මිලියන 5.1 කි. මේ වසර සඳහා කොමිෂන් සභාවට රුපියල් මිලියන 71ක් වෙන් කර ඇත.

    වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ කටයුතු මීට පෙර සිදු කරනු ලැබුවේ මුදල් හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ මගිනි. කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් අන්තර්ග්‍රහණය කළ යුතුය.

    එසේම 2021 අගෝස්තු මාසයේදී එවකට ජනාධිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ස්ථාපිත කරන ලද උපදේශක මණ්ඩලයද වසා දැමීමට නියමිතය. එම කටයුතු දැනටමත් අධිකරණ අමාත්‍යාංශය මගින් සිදු කෙරෙන බවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇත. අවම වශයෙන් කොමිෂන් සභා, ආයතන සහ උපදේශක මණ්ඩල 50ක් වසා දැමීම සඳහා කෙටි ලැයිස්තුගත කර ඇති අතර තවත් එවැනි ආයතන 50ක් හඳුනා ගැනීමට නියමිතය.

    අවම වශයෙන් එවැනි ආයතන 17 ක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර ඒවා ඉක්මනින් වසා දමනු ඇති බව උසස් නිලධාරියෙක් පැවසීය.

    ආයතන වසා දැමීමට තීරණය කිරීමේදී අධික වියදම්,  ඒවායේ කාර්ය සාධනය සැලකිල්ලට ගෙන ඇත.355

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202607 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.