Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    November 6, 2025

    හෙරොයින් සමග කාන්තාවක් ඇතුළු 4ක් මහරගමදී අත්අඩංගුවට

    November 6, 2025

    මෙරට පෝෂණ තත්ත්ව ඉහළ නැංවීමට ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත්

    November 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ඉතාලි තරුණියකගේ ඇපල් දුරකතනය සොරකම් කර රියදුරුට වැඩ වරදියි
    Local News

    ඉතාලි තරුණියකගේ ඇපල් දුරකතනය සොරකම් කර රියදුරුට වැඩ වරදියි

    By LFNMarch 6, 2023No Comments2 Mins Read367 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉතාලි ජාතික තරුණියකගේ රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන්දහසක් වටිනා (175,000) ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්සොරකම් කළ ත්‍රීරෝද රථ රියදුරෙකු මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්ශ්‍රීනිත් විජේසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුඔහුට වසර දෙකක සිර දඬුවම් නියම කොට එය වසර දහයකට අත්හිටුවීමටපියවර ගෙන රුපියල් 1500කදඩයක් ද නියම කොටසොරකම් කරන ලද ජංගම දුරකතනය නැවතත් එම ඉතාලි ජාතික තරුණියටභාර දෙන ලෙස නියෝග කළේය .

    එසේ දඬුවම් නියම වූයේඑම්. යු. පුෂ්පකුමාර නමැති බෝවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය .

    එම ඉතාලි ජාතික තරුණිය සහ තවත් තරුණියක්මෙරට ප්‍රධාන පෙළේකුලී රථ සේවාවක් ඔස්සේ ත්‍රීරෝද රථයක් වෙන් කරවා ගෙන ඔවුන් නැවතී සිටී හෝටලයේ සිට දළදා මාලිගාව නැරඹීම සඳහා පිටත්ව යන අවස්ථාවේදී ඇයගේ  ජංගම දුරකථනය ත්‍රීරෝද රථයේ අමතක වී ගොස් ඇති අතර පසුවත්‍රීරෝද රථ රියදුරුගේ ජංගම දුරකථනයට අමතා ඒ පිළිබඳව විමසුවත් එවැනි ජංගම දුරකථනයක් තිරෝද රථය තුළ නොතිබූ බව පැවසීම හේතුවෙන් එම තරුණිය මහනුවර මුලස්ථාන පොලීසියේසංචාරක පොලිසියට පැමිණිලි කොට තිබේ .

    ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය නැති වූ අපල් දුරකථන සෙවීමේ තාක්ෂණය ඔස්සේ දුරකථනය තිබෙන ස්ථානය පරීක්ෂාකොට සැකකරු ජංගම දුරකථනයත් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ .

    සැකකරු සහ ජංගම දුරකථනය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුට විවෘත අධිකරණයේ දැඩිව අවවාද කොට මෙරටට පැමිණෙන සංචාරකයන්ට මෙවැනි අපහසුතාවයන්ට පත් නොකරන ලෙස තරයේ අවවාද කරමින් ඉහත දඬුවම් නියම කළේය.

    එම ජංගම දුරකථනය අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය කළ තාක්ෂණික උපායමාර්ගයන් පිළිබඳවද පොලීසියට පැසසුම් කිරීමටද විනිසුරුවරයා පියවර ගත්තේය. මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය .

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    November 6, 2025

    හෙරොයින් සමග කාන්තාවක් ඇතුළු 4ක් මහරගමදී අත්අඩංගුවට

    November 6, 2025

    මෙරට පෝෂණ තත්ත්ව ඉහළ නැංවීමට ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත්

    November 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,391 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,334 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    November 6, 20250105 Views

    ඊයේ (05) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක අනතුරු 5කින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට…

    හෙරොයින් සමග කාන්තාවක් ඇතුළු 4ක් මහරගමදී අත්අඩංගුවට

    November 6, 2025

    මෙරට පෝෂණ තත්ත්ව ඉහළ නැංවීමට ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත්

    November 6, 2025

    පල්ලෙකැලේ ගිනිපෙට්ටි කම්හලක ගින්නක්

    November 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.