Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අත්තනගලු ඔයේ පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්

    May 14, 2026

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

    May 14, 2026

    වසර දෙකහමාරකට පසු ඩොලරය රු.329 පනී

    May 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය ආරම්භ වෙයි
    International

    චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය ආරම්භ වෙයි

    By LFNMarch 6, 2023No Comments4 Mins Read325 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේ දී ආරම්භ වෙයි. ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙන්ම රජයේ නායකයෝ සහ 3000කට ආසන්න නියෝජිතයෝ පිරිසක් අද (5) උදේ ඇරඹුණු සැසිවාරයේ සමාරම්භක උළෙලට එක් ව සිටිති.

    මෙවර සැසිවාරයේ දී, චීනයේ නව ජාතික ආයතන මණ්ඩලය තෝරා පත්කිරීම, රාජ්‍ය කාර්ය වාර්තාව පරීක්ෂා කිරීම හා 2023 වසරේ ආර්ථික, සමාජ හා සංවර්ධන ඉලක්ක මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති  ක්‍රියාමාර්ග නියම කිරීම සිදුකෙරේ. දැනට නිකුත් කෙරුණු න්‍යාය පත්‍රයට අනුව, නීති සම්පාදනය පිළිබඳ නීති කෙටුම්පත සහ රාජ්‍ය මණ්ඩලයේ ආයතනික ප්‍රතිසංස්කරණ සැලැස්ම පරීක්ෂා කිරීමට ද නියමිත ය.

    පසුගිය වසරේ රට සංවර්ධනය කිරීමේ දී අසීරුතා ඇති වුවද නව ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වූ බව චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා පැවසුවේ, සැසිවාරයට රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමිනි. පසුගිය වසරේ චීන ආර්ථිකය ස්ථාවරත්වයක් හිමිකරගෙන ඇත.  සංවර්ධන ගුණාත්මක භාවය ඉහළ නංවා ඇති අතර, සමාජයීය තත්ත්වය ද ස්ථාවර බව හෙතෙම පැවසීය.

    2022 වසරේ, චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම 3% කින් වර්ධනය වී ඇත. නගර හා උපනගරවල මිලියන 12.06 ක පිරිසකට  නව රැකියා අවස්ථා හිමි විය. පාරිභෝගික මිල දර්ශකය 2%කින් වැඩි වී, වසරේ සංවර්ධනය සඳහා වන ප්‍රධාන ඉලක්ක සාක්ෂාත් කර තිබෙන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    ගෙවීගිය වසර 5 තුළ චීනයේ ආර්ථික හා සමාජ සංවර්ධන ප්‍රගතීන් ලෝකයේ අවධානයට ලක්ව තිබේ. එම කාලය තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිතය චීන යුවාන් ට්‍රිලියන 121 දක්වා ළඟා වී ඇති අතර, වසර පහ තුළ සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය 5.2% කි. ගෙවී ගිය වසර දහය තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 70 කට ආසන්නව වැඩි වී තිබෙන අතර, සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය 6.2% ක් වේ.

    ගතවූ වසර 5 තුළ, චීනය අඛණ්ඩව ප්‍රතිසංස්කරණය සහ විවෘත භාවය පුළුල් කරමින් ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කරමින් සිටී. එම කාලය තුළ චීනයේ භාණ්ඩ ආනයන හා අපනයන නිමැවුම යුවාන් ට්‍රිලියන 40 ඉක්මවා ඇත. විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සහ විදේශ රටවල ආයෝජනය කිරීම අතින් චීනය ලොව ඉහළම පෙළේ පසුවෙයි. දරිද්‍රතාව තුරන් කිරීම,  විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනය සහ පරිසරය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද චීනය ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇත.

    චීන ආර්ථීක සංවර්ධනයේ ප්‍රධාන ඉලක්ක රැසක් ද රාජ්‍ය කාර්ය වාර්තාවේ ඉදිරිපත් කර ඇත. මේ අනුව, 2023 වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ 5% ක වර්ධනයක් අපේක්ෂා කෙරේ. නාගරික ප්‍රදේශවල රැකියා අවස්ථා මිලියන 12 කින් වැඩිකිරීම, එම ප්‍රදේශවල විරැකියා අනුපාතය 5.5% ක් පමණ අඩු මට්ටමක් දක්වා පාලනය කිරීම සහ පුරවැසියන්ගේ පරිභෝජන මිල ඉහළ යාම 3% ක ම‍ට්ටමේ පවත්වා ගැනීම ද ඊට ඇතුළත්ය. එමෙන්ම, ආනයන සහ අපනයන ක්ෂේත්‍රවල ස්ථාවරත්වය හා ගුණාත්මකභාවය ඉහළ නංවාගෙන ජාත්‍යන්තර අයවැය මූලික වශයෙන් සමබර මට්ටමක පවත්වා ගත යුතු ය. ධාන්‍ය නිෂ්පාදන ප්‍රමාණය‍ ටොන් මිලියන 650කට වඩා වැඩි අගයක් අපේක්ෂිත ය. මීට අමතරව, ෆොසිල බලශක්ති පරිභෝජනය පාලනය කරමින්, තිරසර ජෛව පරිසර සුරක්ෂිතතාව නැංවීම ද මේ වසරේ රටේ ප්‍රධාන සංවර්ධන ඉලක්ක අතරට ඇතුළත් වේ.

    චීනය පුද්ගලික ව්‍යවසායකයන්ගේ දේපළ අයිතිවාසිකම් සහ අවශ්‍යතා  නීත්‍යනුකූලව ආරක්ෂා කර, පෞද්ගලික ආර්ථිකය සහ පෞද්ගලික ව්‍යවසායන් දිරිගන්වමින් ඒවා සංවර්ධනයට පියවර ගනු ඇත. විදේශීය අරමුදල් යොදවන ව්‍යවසායයන් සඳහා ජාතික මට්ටමේ සැලකිලි හිමිවනු ඇත.

    තායිවාන ප්‍රදේශය හා සම්බන්ධ ගැටළුව නව යුගය පරිදි නිරාකරණය කිරීමේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ක්‍රියාමාර්ගයෙහි චීනය අඛණ්ඩ ව එල්බ සිටින බව හෙතෙම කියා සිටී. එකම චීනයක් ප්‍රතිපත්තිය හා ඊට අදාළව ‘ 1992 වසරේ එළඹුණු එකඟතාව ’ මෙන් ම තායිවානය චීනයෙන් වෙන් කිරීමට දැඩි ලෙස විරුද්ධ වෙමින් එක්සත් භාවය ඇතිකිරීම චීනය අනුගමනය කරයි.

    හොංකොං විශේෂ පරිපාලන කලාපය හා මැකෞ විශේෂ පරිපාලන කලාපය සම්බන්ධයෙන් රාජ්‍ය කාර්ය වාර්තාව පෙන්වා දෙන්නේ, ‘ එක් රටක් ක්‍රම දෙකක් ’, ‘ හොංකොං වැසියන් විසින් ම හොංකොං පාලනය කිරීම ’, ‘ මැකෞ වැසියන් විසින් ම මැකෞ පාලනය කිරීම ’ යන ප්‍රතිපත්තිවල චීනය අනිවාර්යයෙන් ම නියැලී සිටිය යුතු බවයි. හොංකොං හා මැකෞ හි දිගුකාලීන සමෘද්ධිය තහවුරු කළ යුතු බව ද ලී ක ච්‍යං මහතා පවසයි.

    එසේ ම, ස්වාධීන හා සාමකාමී රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති චීනය ස්ථිර ලෙස අනුගමනය කරයි. අන්‍යොන්‍ය, පොදු-ජයග්‍රාහී විවෘත උපායමාර්ගයේ චීනය එල්බ සිටී. ජගත් ප්‍රජාව සමග එක්ව, ගෝලීය සංවර්ධන මුලපිරුම හා ගෝලීය ආරක්ෂක මුලපිරුම ඉටු කිරීමට චීනය සූදානමින් පසුවෙයි. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැංවීම පොදුවේ ඉදිරියට මෙහෙයවීමට ද චීනය ක්‍රියාකරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ලෝක බලවතුන් දෙදෙනා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹෙයි

    May 14, 2026

    මුහුදට කඩා වැටුණු යානයේ සිටි සියලුදෙනා බේරාගත් විශ්මිත ගුවන් මෙහෙයුම

    May 14, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,437 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    අත්තනගලු ඔයේ පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්

    May 14, 202600 Views

    අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක්…

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

    May 14, 2026

    වසර දෙකහමාරකට පසු ඩොලරය රු.329 පනී

    May 14, 2026

    ශිෂ්‍යත්ව විභාගයට අදාළ නියෝගයක් කඩ කළ NIE හිටපු අධ්‍යක්ෂකට වසර 6ක සිරදඬුවමක්

    May 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.