Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජගත් විතාන සම්බන්ධව පොලිස්පතිවරයා සිදුකළ ප්‍රකාශයට සජබෙන් නිවේදනයක්

    October 27, 2025

    මන්ත්‍රීලාට රැකවරණ ඉල්ලා සජබ ජිනීවා යයි

    October 27, 2025

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ටත් ඉදිරියේදී ඡන්ද අයිතිය

    October 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය ආරම්භ වෙයි
    International

    චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය ආරම්භ වෙයි

    By LFNMarch 6, 2023No Comments4 Mins Read325 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේ දී ආරම්භ වෙයි. ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙන්ම රජයේ නායකයෝ සහ 3000කට ආසන්න නියෝජිතයෝ පිරිසක් අද (5) උදේ ඇරඹුණු සැසිවාරයේ සමාරම්භක උළෙලට එක් ව සිටිති.

    මෙවර සැසිවාරයේ දී, චීනයේ නව ජාතික ආයතන මණ්ඩලය තෝරා පත්කිරීම, රාජ්‍ය කාර්ය වාර්තාව පරීක්ෂා කිරීම හා 2023 වසරේ ආර්ථික, සමාජ හා සංවර්ධන ඉලක්ක මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති  ක්‍රියාමාර්ග නියම කිරීම සිදුකෙරේ. දැනට නිකුත් කෙරුණු න්‍යාය පත්‍රයට අනුව, නීති සම්පාදනය පිළිබඳ නීති කෙටුම්පත සහ රාජ්‍ය මණ්ඩලයේ ආයතනික ප්‍රතිසංස්කරණ සැලැස්ම පරීක්ෂා කිරීමට ද නියමිත ය.

    පසුගිය වසරේ රට සංවර්ධනය කිරීමේ දී අසීරුතා ඇති වුවද නව ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වූ බව චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා පැවසුවේ, සැසිවාරයට රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමිනි. පසුගිය වසරේ චීන ආර්ථිකය ස්ථාවරත්වයක් හිමිකරගෙන ඇත.  සංවර්ධන ගුණාත්මක භාවය ඉහළ නංවා ඇති අතර, සමාජයීය තත්ත්වය ද ස්ථාවර බව හෙතෙම පැවසීය.

    2022 වසරේ, චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම 3% කින් වර්ධනය වී ඇත. නගර හා උපනගරවල මිලියන 12.06 ක පිරිසකට  නව රැකියා අවස්ථා හිමි විය. පාරිභෝගික මිල දර්ශකය 2%කින් වැඩි වී, වසරේ සංවර්ධනය සඳහා වන ප්‍රධාන ඉලක්ක සාක්ෂාත් කර තිබෙන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    ගෙවීගිය වසර 5 තුළ චීනයේ ආර්ථික හා සමාජ සංවර්ධන ප්‍රගතීන් ලෝකයේ අවධානයට ලක්ව තිබේ. එම කාලය තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිතය චීන යුවාන් ට්‍රිලියන 121 දක්වා ළඟා වී ඇති අතර, වසර පහ තුළ සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය 5.2% කි. ගෙවී ගිය වසර දහය තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 70 කට ආසන්නව වැඩි වී තිබෙන අතර, සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය 6.2% ක් වේ.

    ගතවූ වසර 5 තුළ, චීනය අඛණ්ඩව ප්‍රතිසංස්කරණය සහ විවෘත භාවය පුළුල් කරමින් ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කරමින් සිටී. එම කාලය තුළ චීනයේ භාණ්ඩ ආනයන හා අපනයන නිමැවුම යුවාන් ට්‍රිලියන 40 ඉක්මවා ඇත. විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සහ විදේශ රටවල ආයෝජනය කිරීම අතින් චීනය ලොව ඉහළම පෙළේ පසුවෙයි. දරිද්‍රතාව තුරන් කිරීම,  විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනය සහ පරිසරය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද චීනය ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇත.

    චීන ආර්ථීක සංවර්ධනයේ ප්‍රධාන ඉලක්ක රැසක් ද රාජ්‍ය කාර්ය වාර්තාවේ ඉදිරිපත් කර ඇත. මේ අනුව, 2023 වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ 5% ක වර්ධනයක් අපේක්ෂා කෙරේ. නාගරික ප්‍රදේශවල රැකියා අවස්ථා මිලියන 12 කින් වැඩිකිරීම, එම ප්‍රදේශවල විරැකියා අනුපාතය 5.5% ක් පමණ අඩු මට්ටමක් දක්වා පාලනය කිරීම සහ පුරවැසියන්ගේ පරිභෝජන මිල ඉහළ යාම 3% ක ම‍ට්ටමේ පවත්වා ගැනීම ද ඊට ඇතුළත්ය. එමෙන්ම, ආනයන සහ අපනයන ක්ෂේත්‍රවල ස්ථාවරත්වය හා ගුණාත්මකභාවය ඉහළ නංවාගෙන ජාත්‍යන්තර අයවැය මූලික වශයෙන් සමබර මට්ටමක පවත්වා ගත යුතු ය. ධාන්‍ය නිෂ්පාදන ප්‍රමාණය‍ ටොන් මිලියන 650කට වඩා වැඩි අගයක් අපේක්ෂිත ය. මීට අමතරව, ෆොසිල බලශක්ති පරිභෝජනය පාලනය කරමින්, තිරසර ජෛව පරිසර සුරක්ෂිතතාව නැංවීම ද මේ වසරේ රටේ ප්‍රධාන සංවර්ධන ඉලක්ක අතරට ඇතුළත් වේ.

    චීනය පුද්ගලික ව්‍යවසායකයන්ගේ දේපළ අයිතිවාසිකම් සහ අවශ්‍යතා  නීත්‍යනුකූලව ආරක්ෂා කර, පෞද්ගලික ආර්ථිකය සහ පෞද්ගලික ව්‍යවසායන් දිරිගන්වමින් ඒවා සංවර්ධනයට පියවර ගනු ඇත. විදේශීය අරමුදල් යොදවන ව්‍යවසායයන් සඳහා ජාතික මට්ටමේ සැලකිලි හිමිවනු ඇත.

    තායිවාන ප්‍රදේශය හා සම්බන්ධ ගැටළුව නව යුගය පරිදි නිරාකරණය කිරීමේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ක්‍රියාමාර්ගයෙහි චීනය අඛණ්ඩ ව එල්බ සිටින බව හෙතෙම කියා සිටී. එකම චීනයක් ප්‍රතිපත්තිය හා ඊට අදාළව ‘ 1992 වසරේ එළඹුණු එකඟතාව ’ මෙන් ම තායිවානය චීනයෙන් වෙන් කිරීමට දැඩි ලෙස විරුද්ධ වෙමින් එක්සත් භාවය ඇතිකිරීම චීනය අනුගමනය කරයි.

    හොංකොං විශේෂ පරිපාලන කලාපය හා මැකෞ විශේෂ පරිපාලන කලාපය සම්බන්ධයෙන් රාජ්‍ය කාර්ය වාර්තාව පෙන්වා දෙන්නේ, ‘ එක් රටක් ක්‍රම දෙකක් ’, ‘ හොංකොං වැසියන් විසින් ම හොංකොං පාලනය කිරීම ’, ‘ මැකෞ වැසියන් විසින් ම මැකෞ පාලනය කිරීම ’ යන ප්‍රතිපත්තිවල චීනය අනිවාර්යයෙන් ම නියැලී සිටිය යුතු බවයි. හොංකොං හා මැකෞ හි දිගුකාලීන සමෘද්ධිය තහවුරු කළ යුතු බව ද ලී ක ච්‍යං මහතා පවසයි.

    එසේ ම, ස්වාධීන හා සාමකාමී රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති චීනය ස්ථිර ලෙස අනුගමනය කරයි. අන්‍යොන්‍ය, පොදු-ජයග්‍රාහී විවෘත උපායමාර්ගයේ චීනය එල්බ සිටී. ජගත් ප්‍රජාව සමග එක්ව, ගෝලීය සංවර්ධන මුලපිරුම හා ගෝලීය ආරක්ෂක මුලපිරුම ඉටු කිරීමට චීනය සූදානමින් පසුවෙයි. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැංවීම පොදුවේ ඉදිරියට මෙහෙයවීමට ද චීනය ක්‍රියාකරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    අමෙරිකානු ජනාධිපති හා උතුරු කොරියානු නායකයා අතර හමුවක්?

    October 26, 2025

    එක්සත් ජනපදය ලොව විශාලතම යුද නෞකාව කැරිබියන් දූපත් දෙසට යොදවයි

    October 25, 2025

    තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

    October 24, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,326 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    ජගත් විතාන සම්බන්ධව පොලිස්පතිවරයා සිදුකළ ප්‍රකාශයට සජබෙන් නිවේදනයක්

    October 27, 20250129 Views

    කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට එල්ල වී ඇති මරණීය තර්ජනය හමුවේ පොලීසිය ලබා…

    මන්ත්‍රීලාට රැකවරණ ඉල්ලා සජබ ජිනීවා යයි

    October 27, 2025

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ටත් ඉදිරියේදී ඡන්ද අයිතිය

    October 27, 2025

    ගෙවුණු සති 03ට සංචාරකයින් 120,000කට ආසන්න පිරිසක් මෙරටට

    October 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.