Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 සම්පූර්ණ අයවැය යෝජනා මෙන්න

    November 7, 2025

    දියවඩන නිලමේ ධූරයට යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල

    November 7, 2025

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»කැනඩාවේ රැකියා පෙන්වා මහා පරිමානයෙන් මුදල් ගරලා
    Local News

    කැනඩාවේ රැකියා පෙන්වා මහා පරිමානයෙන් මුදල් ගරලා

    By LFNMarch 3, 2023No Comments2 Mins Read238 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු 2023.03.01 දින ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ නිළධාරීන්ගේ භාරයට ගෙන අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.

    කැනඩාවේ රැකියා හා පදිංචි වීසා ලබාදෙන බව පවසා පුද්ගලයෙකු විසින් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 20 දක්වා ප්‍රමාණයන්ගෙන් මුදල් අයකර පිරිසක් මුලාවට පත්කර ඇති බවත්, ඔහු විසින් පොරොන්දු වූ පරිදි කටයුතු නොකල බව පවසමින් (2023.03.01) කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි 25ක් පමණ ලැබී ඇත.

    ඒ අනුව මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පැමිණිලිකරුවන්ගේද මැදිහත්වීම මත මරදාන පොලිසිය විසින් (2023.03.01) අත්අඩංගුවට ගෙන ඇති අතර, කාර්යාංශය වෙත කරන ලද පැමිණිලි අනුව අදාල නීතිමය පියවර ගැනීම සඳහා කාර්යාංශයේ විමර්ශන අංශය වෙත භාරදී තිබේ.

    සැකකරුට විරුද්ධව මේ වන විට පැමිණිලි 53ක් ලැබී ඇති අතර, මෙම ජාවාරමට හසුවූ තවත් පුද්ගලයින් මේ වන විටත් කාර්යාංශය වෙත පැමිණිලි කරමින් සිටියි. මෙම ජාවාරම සඳහා මොහුට ආධාර හා අනුබල දුන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සේවය කරන රජයේ නිළධාරියෙකුද කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම සැකකරුවන් දෙදෙනාම අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර මෙම මස 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

    විදේශ රැකියා සඳහා මුදල් හෝ තම ගමන් බලපත්‍ර ලබාදීමට පෙර එම රැකියා නියෝජිතායතනය කාර්යාංශයේ අනුමත වලංගු බලපත්‍රලත් ආයතනයක්ද යන්න පරික්ෂා කිරීම අනිවාර්ය කරුණකි.  තවද, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා මුදල් රැස්කිරීමත් පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ 1989 ක්ෂණික ඇමතුම් අංකය හෝ විශේෂ විමර්ශන අංශයේ අංක 0112864241 දරණ දුරකථනය මගින් දැනුම් දෙන ලෙසට මහජනයා දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි.

    අපගේ මාධ්‍ය කටයුතු සම්බන්ධයෙන් ඔබ දක්වන සහයෝගය අගය කොට සලකමි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    දියවඩන නිලමේ ධූරයට යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල

    November 7, 2025

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 2025

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,395 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,341 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,562 Views
    Don't Miss

    2026 සම්පූර්ණ අයවැය යෝජනා මෙන්න

    November 7, 20250118 Views

    2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක…

    දියවඩන නිලමේ ධූරයට යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල

    November 7, 2025

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 2025

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.