Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රටවල් 5ක් සදහා ආයෝජන සන්නාම තානාපතිවරු 5ක්
    Local News

    රටවල් 5ක් සදහා ආයෝජන සන්නාම තානාපතිවරු 5ක්

    By LFNMarch 3, 2023No Comments2 Mins Read355 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටක ආයෝජනයක් කිරීමට පෙර ඔනෑම ආයෝජකයෙක් ඒරටේ සාමාන්‍ය තත්ත්වය සොයා බලන බවත්, ශ්‍රී ලංකාව  පිළිබදව මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යයේ ඵලවන පුවත් විශ්වාස කළහොත් එක ආයෝජකයෙකු වත් මෙරට දිහා බලන්නේ වත් නැතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    යම් රටක දේශපාලන ස්ථාවර භාවය,ශ්‍රම බලකාය, නීති හා අණපනත්, භූගෝලීය පිහිටීම වැනි කරුණු රාශියක් පිළිබද පුළුල් අධ්‍යයනයකින් පසුව තම ආයෝජනය පිළිබදව සිතන ආයෝජකයා තම ආයෝජනය සම්බන්ධයෙන් අවධානමක් ගැනීමටද  කිසි විටකත් නොසිතයි. කලාපයේ අනෙකුත් රටවල්ද ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමට විශාල තරගයක නිරත වන මෙවන් අවධියක මේ පිළිබදව වැඩි අවදානයක් යොමු කළ යුතු බව හෙතෙම  පවසයි.

    ඔනෑම ආයෝජකයෙකුට විශ්වාසනීයම හා පහසුම ආයෝජන ගමනාන්තය ශ්‍රී ලංකාව බවට පත් කිරීමට සියළු පාර්ෂවයන් ඉක්මනින් කටයුතු කළ යුතු බවත්, යල්පැන ගිය වඩාත් වෙහෙසකර ක්‍රමවේදයන්ගෙන් බැහැරව ක්ෂ් ණික, විනිවිද භාවයෙන් යුතු ක්‍රමවේදයන් හදුන්වාදිය යුතු බවද අමුණුගම මහතා අවධාරණය කරයි.

    ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙම අදහස් ඵල කළේ ආයෝජන ප්‍රවර්ධනය සදහා තෝරාගත් රටවල් 5ක් සදහා ආයෝජන ප්‍රවර්ධන සන්නාම තානාපතිවරු 05 දෙනෙකු පත්කරමින් පත්වීම් ලිපි ප්‍රධානය කරමිණි.

    මෙම සන්නාම තානාපතිවරුන් මෙම කේෂ්ත්‍රයේ ප්‍රවීනයන් වන අතර එම රටවල ආයෝජකයන් ව්‍යාපාරිකයන් අතර පිළිගැනීමට ලක් වුවන්ය. ඉන්දියාව වෙනුවෙන් ශිවා සුබ්‍රමනියම්,  මැලේසියාව සදහා මෙහොමඩ් හිල්මි කරීම්  එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙනුවෙන් තක්ෂිල ප්‍රේමසිරි දකුණු කොරියාවේ සන්නාම තානාපති ලෙස සංජීව සුරවීර  සහ මහා බ්‍රිතාන්‍ය සදහා කන්නයියා ගජන් යන මහත්වරු  මෙසේ පත්වූහ.

    මෙම සන්නාම තානාපතිවරුන්ට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම රටවල ආයෝජන ප්‍රවර්ධනය සදහා අවස්ථාව ලැබෙන අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග සෘජුවම කටයුතු කළ හැක.

    මෙම අවස්ථාවට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.නයමුදීන්, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්.වීරකෝන් යන මහත්ම මහත්මීන් සහභාගි වූහ

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.