2026 වන විට පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 2300ක් ජාතික විදුලිබල පද්ධතියට ඒකාබද්ධ කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
මේ සඳහා ව්‍යාපෘති 330ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ඒ සඳහා රජයේ ආයතනවලින් අවශ්‍ය අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා පවසයි.
ව්‍යාපෘතිවල අනුමත කිරීම් කඩිනම් කිරීම සහ අඛණ්ඩව සිදු කළ නොහැකි මෙන්ම තාවකාලික අනුමැතිය දී ඇති ව්‍යාපෘති අවලංගු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්වූ බව අමාත්‍යයරයා පැවැසීය.