පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසූන්දර මහතා ඉදිරිපත් කළ පෙත්සම ලබන 23 වනදාට පෙර සලකා බැලීම සඳහා කැඳවන ලෙස ඉල්ලමින් ගොනු කළ මෝසම සලකා බැලීමට අනවශ්‍ය බව ඔහුගේ නීතිඥවරු අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව දාළ පෙත්සම සලකා බැලීම සඳහා කලින් නියම කළ පරිදි ලබන 23 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.