Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉන්දියාව අමෙරිකාව සහ ප්‍රංශය සමග දැවැන්ත ගනුදෙනුවකට අත්සන් තබයි
    International

    ඉන්දියාව අමෙරිකාව සහ ප්‍රංශය සමග දැවැන්ත ගනුදෙනුවකට අත්සන් තබයි

    By LFNFebruary 16, 2023No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ එයාර් ඉන්දියා ගුවන් සමාගම ප්‍රංශයේ එයාර් බස් සහ අමෙරිකාවේ බෝයිං සමාගම් සමග ඩොලර් බිලියන ගණනක ගිවිසුමකට එළඹ තිබේ.

    ඒ, මඟී ගුවන්යානා 470 ක් මිලදී ගැනීම වෙනුවෙනි.

    ඉන්දියාවේ ටාටා සමාගමට අයත් එයාර් ඉන්දියා ගුවන් සමාගම එලෙස ප්‍රංශයේ එයාර් බස් සහ අමෙරිකාවේ බෝයිං සමාගම් සමග ගිවිසුම අත්සන් කර තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාව ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් ගුවන්යානා 250 ක් සහ අමෙරිකාවේ බෝයිං සමාගමෙන් ගුවන්යානා 220 ක් මිලදී ගැනීමට නියමිත බවය.

    මෙම ගනුදෙනුවේ වටිනාකම ඩොලර් බිලියන 70 ත් 80 ත් අතර වෙයි.

    එය ගුවන් සමාගමක් එකවර මිලදී ගැනීම සඳහා ගිවිසුම්ගතවන වැඩිම ගුවන්යානා සංඛ්‍යාව ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මෙම ගනුදෙනුව පිළිබඳව සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඔවුන් මෙය හඳුන්වන්නේ දෙරට අතර සබඳතා ශක්තිමත් කරන ගනුදෙනුවක් ලෙසය.

    එසේම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මෙම ගනුදෙනුව දෙරට අතර සබඳතාවයේ විශේෂ සන්ධිස්ථානයක් ලෙස හඳුන්වාදී තිබේ.

    මේ අතර ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිෂංකර් ෆීජි රාජ්‍යයට පැමිණ තිබේ.

    ඒ, සිව්දින නිල සංචාරයක් සඳහාය.

    ෆීජි රාජ්‍යයේ පැවැත්වෙන ලෝක හින්දි සමුළුවට සහභාගී වීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ බව ඉන්දීය මාධ්‍ය පවසයි.

    එම සංචාරයෙන් අනතුරුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා ලබන 18 වනදා නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණීමට ද නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.