Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රාජ්‍ය සේවක බඳවා ගැනීම් සඳහා අමාත්‍යාංශ සහ ආයතනවලට අනුමැතිය

    October 28, 2025

    කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් ගැන ඛේදනීය අනාවරණයක්

    October 28, 2025

    ඝාතන තුනක වෙඩික්කරු අත්අඩංගුවට

    October 28, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉන්දියාව අමෙරිකාව සහ ප්‍රංශය සමග දැවැන්ත ගනුදෙනුවකට අත්සන් තබයි
    International

    ඉන්දියාව අමෙරිකාව සහ ප්‍රංශය සමග දැවැන්ත ගනුදෙනුවකට අත්සන් තබයි

    By LFNFebruary 16, 2023No Comments1 Min Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ එයාර් ඉන්දියා ගුවන් සමාගම ප්‍රංශයේ එයාර් බස් සහ අමෙරිකාවේ බෝයිං සමාගම් සමග ඩොලර් බිලියන ගණනක ගිවිසුමකට එළඹ තිබේ.

    ඒ, මඟී ගුවන්යානා 470 ක් මිලදී ගැනීම වෙනුවෙනි.

    ඉන්දියාවේ ටාටා සමාගමට අයත් එයාර් ඉන්දියා ගුවන් සමාගම එලෙස ප්‍රංශයේ එයාර් බස් සහ අමෙරිකාවේ බෝයිං සමාගම් සමග ගිවිසුම අත්සන් කර තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාව ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් ගුවන්යානා 250 ක් සහ අමෙරිකාවේ බෝයිං සමාගමෙන් ගුවන්යානා 220 ක් මිලදී ගැනීමට නියමිත බවය.

    මෙම ගනුදෙනුවේ වටිනාකම ඩොලර් බිලියන 70 ත් 80 ත් අතර වෙයි.

    එය ගුවන් සමාගමක් එකවර මිලදී ගැනීම සඳහා ගිවිසුම්ගතවන වැඩිම ගුවන්යානා සංඛ්‍යාව ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මෙම ගනුදෙනුව පිළිබඳව සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඔවුන් මෙය හඳුන්වන්නේ දෙරට අතර සබඳතා ශක්තිමත් කරන ගනුදෙනුවක් ලෙසය.

    එසේම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මෙම ගනුදෙනුව දෙරට අතර සබඳතාවයේ විශේෂ සන්ධිස්ථානයක් ලෙස හඳුන්වාදී තිබේ.

    මේ අතර ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිෂංකර් ෆීජි රාජ්‍යයට පැමිණ තිබේ.

    ඒ, සිව්දින නිල සංචාරයක් සඳහාය.

    ෆීජි රාජ්‍යයේ පැවැත්වෙන ලෝක හින්දි සමුළුවට සහභාගී වීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ බව ඉන්දීය මාධ්‍ය පවසයි.

    එම සංචාරයෙන් අනතුරුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා ලබන 18 වනදා නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණීමට ද නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකානු ජනාධිපති හා උතුරු කොරියානු නායකයා අතර හමුවක්?

    October 26, 2025

    එක්සත් ජනපදය ලොව විශාලතම යුද නෞකාව කැරිබියන් දූපත් දෙසට යොදවයි

    October 25, 2025

    තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

    October 24, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,328 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    රාජ්‍ය සේවක බඳවා ගැනීම් සඳහා අමාත්‍යාංශ සහ ආයතනවලට අනුමැතිය

    October 28, 20250120 Views

    රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත්කරන ලද කමිටුවේ…

    කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් ගැන ඛේදනීය අනාවරණයක්

    October 28, 2025

    ඝාතන තුනක වෙඩික්කරු අත්අඩංගුවට

    October 28, 2025

    පළාත් රැසකට තද සුළං

    October 28, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.