Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට හොර රහසේ ලැබෙන අමුතු එන්නත
    Sport

    ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට හොර රහසේ ලැබෙන අමුතු එන්නත

    By LFNFebruary 16, 2023No Comments3 Mins Read434 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ආබාධ සැඟවීම සඳහා ශාරීරික යෝග්‍යතාව ඉහළ නංවන එන්නත් හොර රහසේ ලබාගන්නා බව ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති චේතන් ශර්මා සිදුකළ ප්‍රකාශයකින් අනාවරණ වී තිබේ.

    ඉන්දියාවේ සී නිව්ස් නාලිකාවේ මාධ්‍යවේදියෙක් තේරීම් කමිටු සභාපතිවරයා සමග කළ සාකච්ඡාවක් රහසිගතව පටිගත කර එය ප්‍රසිද්ධියට පත්කිරීමත් සමග මේ වනවිට නිර්මාණය වී ඇත්තේ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයකි.

    පලමු වරට 2022 දෙසැම්බර් මස 22වැනිදා ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති චේතන් ශර්මාව හමුවන අතර ඔහු නැවත දෙවන වරට 2023 වසරේ ජනවාරි 4 වැනිදා තේරීම් කමිටු සභාපතිවරයා හමුවී සාකච්ඡාවක් සිදුකර තිබේ.

    ඒ අවස්ථා දෙකේදීම අදාළ මාධ්‍යවේදියා එම සාකච්ඡා රහසිගතව පටිගත කර ඇත.

    අදාල සාකච්ඡා දෙකේදී ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක කරුණු පිලිබඳ කතාබහ කර ඇති අතර අද දෙරණ ඔස්සේ ගෙන එන මෙම වීඩියෝ පට සී නිව්ස් නාලිකාව ඔස්සේ ඊයේ විකාශය කර තිබුණි.

    මාධ්‍යවේදියා – ක්‍රීඩකයෝ එයාලාගේ ආබාධ හංගලා ක්‍රීඩා කරනවාද?

    ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති චේතන් ශර්මා –

    “සියයට 10ක් 15ක් එහෙම කරනවා.එයාලා අපිට කියනවා සෙල්ලම් කරන්න ඕනි කියලා.අපි ෆිට්නස් චෙක් කරාම සීයට 80ක් විතර එයාලාගේ ෆිට්නස් තියෙනවා කියලා පෙන්වනවා.හැබැයි වෛද්‍ය විද්‍යාත්මකව ගත්තාම එයාලට සෙල්ලම් කරන්න බැහැ.හැබැයි කිසිම ක්‍රීඩකයෙක් කණ්ඩායමෙන් ඉවත්වෙන්න කැමති නැහැ.සමහරු ඉන්ජක්ෂන් ගහගෙන ඇවිල්ලා අපිට කියනවා එයාලා හොඳින් කියලා.”

    මාධ්‍යවේදියා – ඔවුන් ගන්නේ වේදනා නාශකද ?

    ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති චේතන් ශර්මා –

    “නැහැ. වේදනානාශක නෙවෙයි එයාලා ගන්නේ. ඉන්ජක්ෂන් ගහන්නේ.ඒවා තහනම් උත්තේජක වලට අහු වෙන්නේ නැහැ. එයාලා දන්නවා මොන ඉන්ජක්ෂන් එකද තහනම් උත්තේජකවලට අහුවෙන්නේ නැත්තේ කියලා.ක්‍රීඩකයෙක් කණ්ඩායමෙන් එළියට ගියොත් ආයෙත් කණ්ඩායමට එන්න අමාරුයි. ඒ නිසා තමයි එයාලා එයාලාගේ ස්ථානය නැති කර ගන්න අකමැති. වෙන ක්‍රීඩකයෙක් හොඳට ක්‍රීඩා කළොත් එළියට ගිය ක්‍රීඩකයාට අවුරුදු 2ක් විතර ආයිත් කණ්ඩායමට එන්න බැහැ කියලා එයාලා දන්නවා.”

    මාධ්‍යවේදියා – කෝලි සහ ගංගුලි අතර මොකද්ද වුණේ?

    ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති චේතන් ශර්මා –

    මට ඒ ගැන කියන්න බැහැ.

    මාධ්‍යවේදියා – මේක ඕෆ් රෙකෝඩ්. අපි නීත්‍යානුකූලව හම්බෙලත් නැහැනේ. රිසච් පර්පර්ස් වලට මම මේ අහන්නේ.

    ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති චේතන් ශර්මා –

    “දෙන්නා අතර මතගැටුමක් තිබුණා.පස්සේ ඒක ලොකු ගැටුමක් වුණා.ඒ වේලාවේ ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයාට විරුද්ධව ගියා. මොකද ක්‍රිකට් ආයතනයට බලය වැඩි නිසා. සමහර ක්‍රීඩකයන්ට පොඩ්ඩක් අත්දැකීම් ලැබුණම එයාලා හිතනවා එයාලාට ක්‍රිකට් ආයතනයට වඩා බලය තියෙනවා කියලා .ඊළගට එයාලා හිතනවා එයාලට කාටවත් අත තියන්න බැහැ කියලා. එයාලා නැතුව ක්‍රිකට් ගහන්න බැහැ කියලා එයාලා හිතනවා.ගොඩක් ලොකු ක්‍රීඩකයෝ කණ්ඩායමට ආවා ගියා. හැබැයි ඉන්දියාවේ ක්‍රිකට් ඒ විදියටම තියෙනවා. කෝලිව එක්දින නායකත්වයෙන් අයින් කළේ ගංගුලි කියලා හිතලා කෝලි එයාට ඇටෑක් කළා. කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා හොයා ගන්න බැරි තත්වයක් ඇතිවුණා.දෙන්නා අතර තිබ්බේ ආත්මාභිමානය පිළිබඳ ප්‍රශ්නයක්. අපි දන්නවා ගංගුලිත් ඉන්දියාවේ නායකයා වෙලා හිටියා. ඉන්දියාවේ හොඳම නායකයෝ අතර ගංගුලිත් ඉන්නවා කියලා හැමෝම දන්නවා. හැබැයි කෝලි හිතනවා එයා තමයි හොඳම නායකයා කියලා. ඒ නිසා ප්‍රශ්න වැඩි වුණා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.