Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 4,000 ඉක්මවයි

    December 7, 2025

    හානියට පත් කෘෂිකාර්මික ක්ෂේත්‍ර යථාවත් කිරීම සම්බන්ධව දැනුම්දීමක්

    December 7, 2025

    කුෂ් තොගයක් සමග දෙදෙනෙක් ගුවන්තොටේදී අල්ලයි

    December 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට හොර රහසේ ලැබෙන අමුතු එන්නත
    Sport

    ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට හොර රහසේ ලැබෙන අමුතු එන්නත

    By LFNFebruary 16, 2023No Comments3 Mins Read434 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ආබාධ සැඟවීම සඳහා ශාරීරික යෝග්‍යතාව ඉහළ නංවන එන්නත් හොර රහසේ ලබාගන්නා බව ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති චේතන් ශර්මා සිදුකළ ප්‍රකාශයකින් අනාවරණ වී තිබේ.

    ඉන්දියාවේ සී නිව්ස් නාලිකාවේ මාධ්‍යවේදියෙක් තේරීම් කමිටු සභාපතිවරයා සමග කළ සාකච්ඡාවක් රහසිගතව පටිගත කර එය ප්‍රසිද්ධියට පත්කිරීමත් සමග මේ වනවිට නිර්මාණය වී ඇත්තේ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයකි.

    පලමු වරට 2022 දෙසැම්බර් මස 22වැනිදා ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති චේතන් ශර්මාව හමුවන අතර ඔහු නැවත දෙවන වරට 2023 වසරේ ජනවාරි 4 වැනිදා තේරීම් කමිටු සභාපතිවරයා හමුවී සාකච්ඡාවක් සිදුකර තිබේ.

    ඒ අවස්ථා දෙකේදීම අදාළ මාධ්‍යවේදියා එම සාකච්ඡා රහසිගතව පටිගත කර ඇත.

    අදාල සාකච්ඡා දෙකේදී ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක කරුණු පිලිබඳ කතාබහ කර ඇති අතර අද දෙරණ ඔස්සේ ගෙන එන මෙම වීඩියෝ පට සී නිව්ස් නාලිකාව ඔස්සේ ඊයේ විකාශය කර තිබුණි.

    මාධ්‍යවේදියා – ක්‍රීඩකයෝ එයාලාගේ ආබාධ හංගලා ක්‍රීඩා කරනවාද?

    ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති චේතන් ශර්මා –

    “සියයට 10ක් 15ක් එහෙම කරනවා.එයාලා අපිට කියනවා සෙල්ලම් කරන්න ඕනි කියලා.අපි ෆිට්නස් චෙක් කරාම සීයට 80ක් විතර එයාලාගේ ෆිට්නස් තියෙනවා කියලා පෙන්වනවා.හැබැයි වෛද්‍ය විද්‍යාත්මකව ගත්තාම එයාලට සෙල්ලම් කරන්න බැහැ.හැබැයි කිසිම ක්‍රීඩකයෙක් කණ්ඩායමෙන් ඉවත්වෙන්න කැමති නැහැ.සමහරු ඉන්ජක්ෂන් ගහගෙන ඇවිල්ලා අපිට කියනවා එයාලා හොඳින් කියලා.”

    මාධ්‍යවේදියා – ඔවුන් ගන්නේ වේදනා නාශකද ?

    ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති චේතන් ශර්මා –

    “නැහැ. වේදනානාශක නෙවෙයි එයාලා ගන්නේ. ඉන්ජක්ෂන් ගහන්නේ.ඒවා තහනම් උත්තේජක වලට අහු වෙන්නේ නැහැ. එයාලා දන්නවා මොන ඉන්ජක්ෂන් එකද තහනම් උත්තේජකවලට අහුවෙන්නේ නැත්තේ කියලා.ක්‍රීඩකයෙක් කණ්ඩායමෙන් එළියට ගියොත් ආයෙත් කණ්ඩායමට එන්න අමාරුයි. ඒ නිසා තමයි එයාලා එයාලාගේ ස්ථානය නැති කර ගන්න අකමැති. වෙන ක්‍රීඩකයෙක් හොඳට ක්‍රීඩා කළොත් එළියට ගිය ක්‍රීඩකයාට අවුරුදු 2ක් විතර ආයිත් කණ්ඩායමට එන්න බැහැ කියලා එයාලා දන්නවා.”

    මාධ්‍යවේදියා – කෝලි සහ ගංගුලි අතර මොකද්ද වුණේ?

    ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති චේතන් ශර්මා –

    මට ඒ ගැන කියන්න බැහැ.

    මාධ්‍යවේදියා – මේක ඕෆ් රෙකෝඩ්. අපි නීත්‍යානුකූලව හම්බෙලත් නැහැනේ. රිසච් පර්පර්ස් වලට මම මේ අහන්නේ.

    ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති චේතන් ශර්මා –

    “දෙන්නා අතර මතගැටුමක් තිබුණා.පස්සේ ඒක ලොකු ගැටුමක් වුණා.ඒ වේලාවේ ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයාට විරුද්ධව ගියා. මොකද ක්‍රිකට් ආයතනයට බලය වැඩි නිසා. සමහර ක්‍රීඩකයන්ට පොඩ්ඩක් අත්දැකීම් ලැබුණම එයාලා හිතනවා එයාලාට ක්‍රිකට් ආයතනයට වඩා බලය තියෙනවා කියලා .ඊළගට එයාලා හිතනවා එයාලට කාටවත් අත තියන්න බැහැ කියලා. එයාලා නැතුව ක්‍රිකට් ගහන්න බැහැ කියලා එයාලා හිතනවා.ගොඩක් ලොකු ක්‍රීඩකයෝ කණ්ඩායමට ආවා ගියා. හැබැයි ඉන්දියාවේ ක්‍රිකට් ඒ විදියටම තියෙනවා. කෝලිව එක්දින නායකත්වයෙන් අයින් කළේ ගංගුලි කියලා හිතලා කෝලි එයාට ඇටෑක් කළා. කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා හොයා ගන්න බැරි තත්වයක් ඇතිවුණා.දෙන්නා අතර තිබ්බේ ආත්මාභිමානය පිළිබඳ ප්‍රශ්නයක්. අපි දන්නවා ගංගුලිත් ඉන්දියාවේ නායකයා වෙලා හිටියා. ඉන්දියාවේ හොඳම නායකයෝ අතර ගංගුලිත් ඉන්නවා කියලා හැමෝම දන්නවා. හැබැයි කෝලි හිතනවා එයා තමයි හොඳම නායකයා කියලා. ඒ නිසා ප්‍රශ්න වැඩි වුණා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 4,000 ඉක්මවයි

    December 7, 20250117 Views

    පැවති ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා නිවාස 4,517ක් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ…

    හානියට පත් කෘෂිකාර්මික ක්ෂේත්‍ර යථාවත් කිරීම සම්බන්ධව දැනුම්දීමක්

    December 7, 2025

    කුෂ් තොගයක් සමග දෙදෙනෙක් ගුවන්තොටේදී අල්ලයි

    December 7, 2025

    ආපදා මරණ 627ක් – 190ක් අතුරුදන්

    December 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.