Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආපදාවෙන් සිදුවූ වගා හානි සම්බන්ධව හෙළිදරව්වක්

    December 8, 2025

    පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ තිබී ගිනිඅවි දෙකක් හමුවෙයි

    December 8, 2025

    ආපදා මරණ 635ක් – 192ක් අතුරුදන්

    December 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»දිනපතා ෆේස්බුක් යනඑන පිරිස ලෝකයේ හතරෙන් එකක් දක්වා ඉහළට
    International

    දිනපතා ෆේස්බුක් යනඑන පිරිස ලෝකයේ හතරෙන් එකක් දක්වා ඉහළට

    By LFNFebruary 2, 2023No Comments1 Min Read201 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ දිනපතා භාවිත කරන සංඛ්‍යාව බිලියන දෙකේ සීමාව දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට ආසන්නයි. ෆේස්බුක් හිමි මෙටා සමාගම පවසන්නේ මෙය අපේක්ෂා නොකළ තරම් ඉහළ වර්ධනයක් බවයි.

    ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් විසින්, 2023 යනු කාර්යක්ෂමතාවයේ වසර ලෙස ප්‍රකාශයට පත් කළා. එම ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු මෙටා සමාගමේ කොටස් මිල ගණන් සියයට 15කටත් වඩා වැඩි අගයකින් ඉහළ යාම කැපී පෙනෙන තත්ත්වයක්.

    මෙලෙස ආදායම ඉහළ ගියද වියදම් කප්පාදු කිරීමට ෆේස්බුක් ගෙන ඇති තීරණය මෙතෙක් වෙනස් කර නැහැ. ඒ අනුව සමාගමේ රැකියා 11,000ක් කපා හැරීමට නියමිතයි. එය ෆේස්බුක් සමස්ත සේවක පිරිසෙන් සියයයට 13ක්. එමගින් ඩොලර් බිලියන 4යි දශම 6ක් ඉතිරි කර ගැනීම අපේක්ෂා වනවා.

    ෆේස්බුක් සමාගම ඉකුත් 2022 වසරේ ඉතිහාසයේ දරුණුතම කඩා වැටීමට මුහුණ දුන්නා. රැකියා සහ වියදම් කප්පාදුවට ප්‍රධාන වශයෙන් හේතු වූයේ එම තත්ත්වයයි. ෆේස්බුක් සමාගමේ ඉකුත් වසරේ අවසන් මාස තුනේදී අමෙරිකානු ඩොලර් බිලියන 32යි දශම 2ක ආදායම් කඩා වැටීමක් සිදුව තිබෙනවා. එවන් පසුබිමක ඉකුත් දෙසැම්බර් මාසය වනවිට ෆේස්බුක් දෛනිකව භාවිත කරන පිරිස ඉකුත් වසරට සාපේක්ෂව සියයට 4කින් ඉහළ ගියා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ 5ක් මරුට

    December 5, 2025

    ඉම්රාන් ඛාන් ඝාතනය කරලා ?

    November 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ආපදාවෙන් සිදුවූ වගා හානි සම්බන්ධව හෙළිදරව්වක්

    December 8, 20250116 Views

    පසුගියදා සිදුවූ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මෙරට සිදුවූ වගා හානි සම්බන්ධව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්…

    පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ තිබී ගිනිඅවි දෙකක් හමුවෙයි

    December 8, 2025

    ආපදා මරණ 635ක් – 192ක් අතුරුදන්

    December 8, 2025

    ආපදාවට පත් ස්ථාන නැරඹීමට යාමෙන් වළකින්න

    December 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.