Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 2026

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ලොරි යතුරු පැදි ගැටී කොස්තාපල් ඇතුළු 2ක් මරුට
    Local News

    ලොරි යතුරු පැදි ගැටී කොස්තාපල් ඇතුළු 2ක් මරුට

    By LFNJanuary 26, 2023No Comments2 Mins Read239 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මරදන්කඩවල –  වාලච්චේන ඒ- 11 මාර්ගයේ හීනුක්කිරියාව  පන්සල අසලදී ඊයේ (25 දා) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මරදන්කඩවල පොලිසිය පවසයි.

    මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ  හීනුක්කිරියාව ගනේවල්පොල ප්‍රදේශයේ  පදිංචිව සිටි, මොරගොඩ පොලිසියට  අනුයුක්තව රාජකාරි සිදු  කළ 46 හැවිරිදි පොලිස් කොස්තාපල් අරුණ ලාල් උයන්ගේ (95743), සහ ගනේවල්පොල  උල්පත ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි සූරියාරච්චිලාගේ  කිස්ටෝපර් බර්නාඩ් නැමැති අයෙකි. ‍ෙ

    හබරණ දෙස සිට මරදන්කඩවල  දෙසට ධාවනය වූ ලොරි රථයක්  හීනුක්කිරියාව   පන්සල  ආසන්නයේදී එම දිශාවටම ගමන් කර වම් පස මංතීරුවේ නතර කර තිබූ යතුරු පැදියක ගැටී පිටුපස ගැටී  මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

    අනතුර සිදු වන අවස්ථාවේ දී  යතුරු පැදියේ පැදිකරු සහ පසු පැදිකරු වන කොස්තාපල්වරයා යතුරු පැදිය මත වාඩි වී සිට ඇති බව පොලීසිය සඳහන් කළේය.

    අනතුරින් බර පතළ තුවාල ලබා සිටි  යතුරු පැදියේ පැමිණි දෙදෙනා, මාර්ගයේ ගමන් කළ කාර් රථයක සහ තීරෝද රථයක ආධාරයෙන් මමරදන්කඩවල  රෝහලට රැගෙන යාමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය  පොලිසිය කියයි.

    අපරික්ෂාකාරී අන්දමින් රිය  ධාවනය කළ ලොරි රථයේ රියැදුරු වන පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි රියැදුරා අත්අඩංගුවට ගත් බවත්, මෙම සැකකරු අද (26 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවද පොලිසිය පවසයි.

    මරදන්කඩවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මධුසංඛ දිසානායක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්  අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 2026

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 20260117 Views

    ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම්…

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026

    හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම්

    March 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.