Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»හරි අතට වැට ගහමු
    Hot News

    හරි අතට වැට ගහමු

    By LFNJanuary 25, 2023Updated:January 27, 2023No Comments5 Mins Read595 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හරි අතට වැට ගහන්න දායක වෙමු……!

    මෙරට වත්මන් ආර්ථික පරිහාණිය යථාතත්වයට පත් කරමින් යම් ස්ථාවරයක් ගොඩ නැගීම උදෙසා ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් පරිපාලනය විවිධ උත්සහයන් දරමින් යම් වැඩපිළිවෙලක් දියත් කරමින් පවතින බව පැවති කාලවකවානුව සහ වත්මන් තත්වය පිළිබදව සාක්ෂි කරුවන් වන අප දකින යතාර්ථයක්.  එවැනි පසුබිමක් තුල යම් යම් පටු අරමුණු සහිත විවිධ ප්‍රවාහයන් විසින් කෙටිකාලයකින් යම්තාක් දුරට සංවර්ධනය වෙමින් පවතින මෙරට ආර්ථික වැඩපිළිවෙල නැවත කඩා බිද දමමින් සිය පටු අරමුණු ජය ගැනීමට රටේ ප්‍රජාව යොදාගැනීමේ සාහසික උත්සහයක නිරත වෙමින් පවතින බව පෙනීයයි.

    රටේ ආර්ථීකය ඊයේ, අද සහ හෙට

    ශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති ආර්ථික අර්බුදය 2013 වසරේ සිට අක්‍රමිකවත් ආර්ථීක ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වීම සහ  මතුවූ තත්වයන්ට පැවති රජයන් විසින් කාලීනව නිසි පිළියම් නොයෙදීම හේතුවෙන් 2019 වර්ෂය වන විට මෙරට ආර්ථිකය අතිශය බරපතල තත්ත්වයකට ඇද වැටුණු බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

    කෙසේ වෙතත්, ක්‍රමිකව වර්ධනය වූ මේ තත්ත්වයත් සමග 2019 වර්ෂයේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 2.3 දක්වා පහළ වැටුණු අතර 2020 වර්ෂයේ දී මෙරට ආර්ථික වර්ධන වේගය ඍණ 3.0ක මට්ටමක් දක්වා පහළ අගයකට පත්විය. විශ්ලේෂකයින්ගේ නිගමනයන්ට අදාලව 2021 වර්ෂයේදී මෙරට ආර්ථිකය යම් තරමකින් සවිමත් වන බවට පුරෝකථනයන් කෙරුණද තුන්වෙැනි කොවිඩ් රැල්ලත් සමඟ ආර්ථික වර්ධනය රින අගයක් වු බවට පත් විය. එමෙන්ම එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව බරපතල විදේශ විනිමය අර්බුදයකට ලක්ව ඇති බවත් මහ බැංකුවට මුදල් සැපයීම පිළිබඳව ගැටළු ඇති බවත් දැනට පවතින තත්ත්වය අනුව ආර්ථිකය නැවත යථාවත් කිරීම යම් කාල සීමාවක් ගත වනු ඇති බවත් විශ්ලේෂකයින් අවධාරණය කර සිටියි.

    මෙවැනි තත්වයක් තුල පැවති සන්නිවේදන ප්‍රතිපත්තිය තුලින් පරිභාහිරව තොරතුරු සැඟවීමකින් තොරව මහජනතාව වෙත ඉදිරිපත් කිරීම තුල කරුණු අවබෝධ කරගන්නා මහජනතාව ද එළැඹෙන තත්ත්වයන්ට මුහුණදීමට දීමට සූදානම් කිරීම රටක් ලෙස වඩාත් ඵලදායී බව ලංකා මහ බැංකුවද පෙන්වා දී ඇත.

    කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති ජාත්‍යන්තර ණය වාරික ඇතුළු අනෙකුත් ගෙවීම් සඳහා විශාල විදේශ විනිමය සංචිතයක් අවශ්‍ය වන අතර ඉන්දියාව, වීනය, ජපානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන සියලු ලැබීම් ඔස්සේ මෙරට විදෙස් මුදල් සංචිතය ස්ථාවර මටිටමකට පවත්වා ගැනීමට මේ වන විට රජය විසින් සැලසුම් කර ගෙන යන බවයි වාර්තා වන්නේ.‍

    මේ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම මාස හයකින් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව මහ බැංකු ප්‍රධානියා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටී.

    දීර්ඝ කාලීන මෙන්ම කෙටි කාලීන විසඳුම් යොදාගනිමින් වත්මන් පරිපාලනය ආර්ථික අර්බුදය විසදීම සදහා හැකි සෑම උත්සහයක්ම දැරීම හේතුවෙන් සුභදායක තත්වයක් ගොඩනැගී ඇති බවට ආර්ථික විශ්ලේෂකයින් ගෙන හැර දක්වයි.

    පත්ව ඇති ආර්ථික අවපාතය හුදෙක් ශ්‍රී ලංකාව පමණක් මුහුණ පා ඇති තත්වයක් නොවන අතර එය ගෝලීය ආර්ථික අවපාතයක් බව ලෝක ආර්ථික සංසදය ප්‍රකාශ කරයි. එසේ හෙයින්, රටේ ප්‍රජාව ලෙස පත්ව ඇති තත්වයෙන් මීදීමට වත්මන් ආර්ථික තත්වය පිළිබදව අවබෝධයෙන් සහ සුභවාදී ආකල්ප වලින් යුතුව එක්ව කටයුතු කල යුතු බව ප්‍රත්‍යක්ෂ වන්නකි.

    ආකල්ප සංවර්ධනය

    රටක ප්‍රජාවකගේ ආකල්ප වර්ධනය එරට සියලු ක්‍ෂෙත්‍රයන් කෙරේ සෘජුවම බලපාන කරුණකි. මෙහිදි රටේ සංවර්ධනය ඉලක්ක කර ආකල්ප සංවර්ධනය කිරීම වැදගත් ස්ථානයක් හොබවයි. එසේ හෙයින් සියලු පුරවැසියන්ගේ යුතුකම වන්නේ රටේ සංවර්ධනයට දායක වන සිය වෘත්තීන් කාර්යක්ෂමව රටට වැඩදායී ලෙස පවත්වාගෙන යෑම බව පෙන්වා දිය හැක. ඒ සඳහා සියලු රටවැසියන්, රාජ්‍ය, රාජ්‍ය නොවන අනෙකුත් ආයතන සියල්ල එක සේ වැඩකටයුතු කිරීම වඩාත් අවශ්‍ය තත්වකි. සාර්ථක ක්‍රියාවලියක් මඟින් රටතුළ නිෂ්පාදිත කෘෂි නිෂ්පාදන සහ අනෙකුත් නිපැයුම් අගය එකතු කොට අනෙකුත් රටවලට අපනයනය කිරීම තුලින් විදේස් විනිමය ස්ථාවර තත්වයකට ගෙන ඒම වැදගත් කරුණක්. 1960 දශකයේ අගභාගයේදී අමෙරිකාව සඳ තරණය ​සඳහා සැලසුම් සකස් කිරීමේදී එරට සනීපාරක්ෂක කටයුතුවල නියැළුණු කම්කරුවාගේ පවා සිත්තුළ වූ ආකල්පය වුයේ තමන් කටයුතු කරන්නේ තම රටෙහි අනාගතය සඳහා යන්නයි. මෙලෙසම ආකල්ප සංවර්ධනය ඔස්සේ මෙරට සංවර්ධනය සඳහා මානව ප්‍රජාව කටයුතු කිරීම මෙි වන විට වඩාත් අවශ්‍ය තත්වයක් මෙන්ම සිදු කල යුතු තත්වයක් වන බව ලංකිකයින් ලෙස සියළු දෙනා ධාරණය කර ගත යුතු කරුණකි.

    ජාතික ප්‍රතිපත්ති

    රටක් ලෙස ශ්‍රී ලංකාවට ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ අවුරුදු ගණනාවක් ඉදිරියට සලකා ප්‍රයෝගිකව නොගැලපෙන ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කිරීමයි.

    එසේ හෙයින් ලංකාවට ගැලපෙන ජනතාව පිළිගනු ලබන ඵලදායි ප්‍රතිපත්ති නිර්මාණය කර ජන සහභාගිත්වයක්ද සහිතව ක්‍රියාවට නැංවීම පාලක ප්‍රජාවගේ මුලික කාර්යක් විය යුතුය. මේ සදහා අවශ්‍ය ප්‍රායෝගික සහ ඵලදායි ප්‍රතිපත්තීන් මෙි වන විටත් වතත්මන් පරිපාලනය විසින් ගොඩනගමින් පවතින හෙයින්  කඩාකප්පල්කාරීන්ගේ ක්‍රියාවන්වලට හසු නොවී ජාතික හැඟීමෙන් යුතුව ඒවා ක්‍රියාවට නැංවීම පොදු මහජනතාවගේ වගකීමක් විය යුතුයන්න අපගේ මතයයි.

     ප්‍රජාවගේ අව්‍යාජ දායකත්වය

    මෙහිදී වර්තමානයේ දේශපාලන ප්‍රවාහයන් පිළිබඳ පුරවැසියන්ගේ සිත් තුළ ඇති අදහස්, විවේචන පිළිබඳ අවධානය යොමු කිරීම ද ඉතා වැදගත්ය. රටේ අනාගතය මිස පුද්ගල හෝ පක්ෂ සංවර්ධනය කෙරෙහි යොමු නොවී කටයුතු කිරීම සියලු පුරවැසියන් අවබෝධ කරගත යුතු කරුණකි. එමෙන්ම ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් පරිපාලනය විසින් සිදු කරන ක්‍රියාවලින් පිළිබදව මනා අවබෝධයකින් යුතුව කරුණු විවේචනය, වැටුණු තැනින්  නැගිටීමට ප්‍රයෝගීකව සිදු කරන ක්‍රියාවලියන්ට අස්වැසිල්ලක් ලෙස දැක්වීම කාලෝචිතය.

    ඡන්දයේ සාපය

    පුහු දේශමාමකයින් යැයි කියාගන්නා පිරිසට අනුව මන්ද පෝෂණය උඩු දුවන බෙහෙතක් නැතිව රෝගීන් මියැදෙන රටක විසදුම බිලියන ගනන් වියදමින් ඡන්ද පැවැත්වීම නොවන බව පැහැදිලි කරුණකි. ආර්ථික විශේෂඥයින් රටහි අවශ්‍යතාවය පාලන වෙනසක් නොව කාර්යක්ෂම ක්‍රමවෙිදයක් බව පුන පුනා පවසන පසුබිමක ඡන්දයක් තුලින් ඹහුන් බලාපොරෝත්තු වන්නේ රටෙි විනාශයම නොවන්නේද? එසේ හෙයින් කල යුතු වන්නේ කාර්යක්ෂම ක්‍රමවෙිදයක් වෙත සහය පල කිරීමද, අත්දැකීමි වලින් තොර පිරිසක් පාලනයට ගෙන එ්ම සදහා ඡන්දය ඉල්ලා සිටීමද? යන්න උපනූපන් අනාගත පරපුර වෙනුවෙන් ඔබ අප ගතයුතු තීරණයක් නොවන්නේද?

    අරගලයේ යථාර්තය (පුහු රැල්ලෙන් මිදීමට)

    සැබවින්ම අරගල ප්‍රධානීන් සමාජ ගැටලු නිරාකරණය සදහා දායක වුවාද යන්න අද වන විට සමාජය තුල පවතින ගැටළුවකි. එයට සමගාමීව අරගලය යනු විවිධ දේශපාලන හස්තයන්ගේ සහ විදේශීය බලපෑම් මත ක්‍රියාත්මක වුවක් බවට මේ වන විට දැඩි සමාජ කථිකාවතක් නිර්මාණය වී ඇත. කෙසේ වෙතත් පැවති ආණ්ඩු විරෝධී තත්වයන් නිර්මාණය කිරීම සදහා අවස්ථානූරූපීව දායක වූවන් වර්ථමානයේ මතුව ඇති ගැටළුද උලුප්පා දකිවමින් රජය කෙරේ ජනතාව තබා ඇති විශ්වාසය විනාශ කරමින් තම පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සදහා යන්ත දරමින් සිටී. එමෙන්ම හුදු අරගලකරුවන් යැයි කියාගත් පිරිස් මේ වන විට දේශපාලනයට පිවිස ඇතතේ හැංගි හැංගි වෙස් බැන්දද එළිපිට නටන්න වෙන කථාව පසක් කරමිනි.  කෙසේ වෙතත් අතකොලු බවට පත් වු අති බහුතර ජනතාව මෙි වන විට යථාර්තය අවබෝධ කර ගෙන ඇත.

    එසේ හෙයින් රැල්ලට වැටී රට වල පල්ලට ගෙන යනවාද බුද්ධියෙන් විමසා දේශප්‍රේමීව බිද වැටුණු මව්බිමට පන දීමට උරදෙන්නෙකු වනවාද යන්න ඔබ සතු තීරණයකි……!

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    සැප්තැම්බර් අස්වැසුම අද බැංකුවට

    September 16, 2026

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    අදත් ප්‍රදේශ කිහිපයකට මී.මී 100 ඉක්මවූ තද වැසි

    September 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.