Close Menu
Lanka Focus News
    What's Hot

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026

    සවස 1න් පසුව තැන තැන වැසි

    September 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»SSP පහර දුන්නැයි OIC රෝහලට
    Local News

    SSP පහර දුන්නැයි OIC රෝහලට

    By LFNJanuary 25, 2023No Comments2 Mins Read304 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පහර දුන් බව පවසා කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සිය දෛනික සටහන් පොතේ සටහන් කර ඊයේ(24දා)  රෝහල් ගත වී ඇත .

    කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකු හෙට්ටිගේ මහතාට දිගින් දිගටම ගම්වාසීන්ගෙන් ලද තොරතුරක් මත ඔහුගේ උපදෙස් පරිද පසුගිය (22දා) කැබිතිගොල්ලෑව කොට්ඨාස දූෂණ මර්ධන අංශය විසින් සිදු කළ වැටලීමකින් නීති විරෝධීව මත් පැන් ජාවාරමේ යෙදුණ සැකකරුවෙක් ගෝඩා ලීටර් 20 ක් සහිතව අත් අඩංගුවට ගෙන තිබේ.

    එදින කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ලෙස මෙම පහර කෑමට ලක් වූවා යැයි කියවෙන ප්‍රධාන පොලිස් පරික්ෂක සුභාෂ් ආරියරත්න මහතා සිට ඇත. එම නිලධාරියා හට අධිකරණයට කරුණු දැක්වීමට බී වාර්ථාවට අවශ්‍ය තොරතුරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් ලබා දී ඇති අතර එම තොරතුරු විකෘති කර අධිකරණයට ඉදිරිපත් කිරීමට වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කටයුතු කර ඇති බව අප කළ විමසීමේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකු හෙට්ටිගේ මහතා පැවැසීය.

    කෙසේ වෙතත් මේ වන විට එම ප්‍රධාන පොලිස් පරික්ෂක සුභාෂ් ආරියරත්න මහතාගේ මුඛය අභ්‍යන්තරයට සහ කම්මුල ප්‍රදේශයට හානි සිදු වී ඇති බැවින් වැඩි දුර ප්‍රථිකාර සඳහා කැබිතිගොල්ලෑව මූලික රෝහලේ සිට අනුරාධපුර ශීක්ෂණ රෝහලට මරු කර යැවීමට ඊයේ(24දා) දිනම රෝහල් බලධාරින් කටයුතු කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

    එහිදී කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් මෙම නිලධාරි වරයාට පහර දුන් බව ද ප්‍රධාන පොලිස් පරික්ෂක සුභාෂ් ආරියරත්න මහතා රෝහල් බලධාරින්ට පවසා ද ඇත.

     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026

    සවස 1න් පසුව තැන තැන වැසි

    September 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,469 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 202604 Views

    අද (19) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු අපේක්ෂා…

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026

    සවස 1න් පසුව තැන තැන වැසි

    September 17, 2026

    සැප්තැම්බර් අස්වැසුම අද බැංකුවට

    September 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.