Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රනිල් අධිකරණයට

    January 28, 2026

    ප්‍රදේශ රැසක ගොයම් පත්‍ර කහවීමේ රෝගයක්

    January 28, 2026

    GMOA අවසන් තීරණය මධ්‍යම කාරක සභාවෙන් පසු

    January 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»SSP පහර දුන්නැයි OIC රෝහලට
    Local News

    SSP පහර දුන්නැයි OIC රෝහලට

    By LFNJanuary 25, 2023No Comments2 Mins Read304 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පහර දුන් බව පවසා කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සිය දෛනික සටහන් පොතේ සටහන් කර ඊයේ(24දා)  රෝහල් ගත වී ඇත .

    කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකු හෙට්ටිගේ මහතාට දිගින් දිගටම ගම්වාසීන්ගෙන් ලද තොරතුරක් මත ඔහුගේ උපදෙස් පරිද පසුගිය (22දා) කැබිතිගොල්ලෑව කොට්ඨාස දූෂණ මර්ධන අංශය විසින් සිදු කළ වැටලීමකින් නීති විරෝධීව මත් පැන් ජාවාරමේ යෙදුණ සැකකරුවෙක් ගෝඩා ලීටර් 20 ක් සහිතව අත් අඩංගුවට ගෙන තිබේ.

    එදින කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ලෙස මෙම පහර කෑමට ලක් වූවා යැයි කියවෙන ප්‍රධාන පොලිස් පරික්ෂක සුභාෂ් ආරියරත්න මහතා සිට ඇත. එම නිලධාරියා හට අධිකරණයට කරුණු දැක්වීමට බී වාර්ථාවට අවශ්‍ය තොරතුරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් ලබා දී ඇති අතර එම තොරතුරු විකෘති කර අධිකරණයට ඉදිරිපත් කිරීමට වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කටයුතු කර ඇති බව අප කළ විමසීමේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකු හෙට්ටිගේ මහතා පැවැසීය.

    කෙසේ වෙතත් මේ වන විට එම ප්‍රධාන පොලිස් පරික්ෂක සුභාෂ් ආරියරත්න මහතාගේ මුඛය අභ්‍යන්තරයට සහ කම්මුල ප්‍රදේශයට හානි සිදු වී ඇති බැවින් වැඩි දුර ප්‍රථිකාර සඳහා කැබිතිගොල්ලෑව මූලික රෝහලේ සිට අනුරාධපුර ශීක්ෂණ රෝහලට මරු කර යැවීමට ඊයේ(24දා) දිනම රෝහල් බලධාරින් කටයුතු කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

    එහිදී කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් මෙම නිලධාරි වරයාට පහර දුන් බව ද ප්‍රධාන පොලිස් පරික්ෂක සුභාෂ් ආරියරත්න මහතා රෝහල් බලධාරින්ට පවසා ද ඇත.

     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    රනිල් අධිකරණයට

    January 28, 2026

    ප්‍රදේශ රැසක ගොයම් පත්‍ර කහවීමේ රෝගයක්

    January 28, 2026

    GMOA අවසන් තීරණය මධ්‍යම කාරක සභාවෙන් පසු

    January 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    රනිල් අධිකරණයට

    January 28, 20260124 Views

    පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති…

    ප්‍රදේශ රැසක ගොයම් පත්‍ර කහවීමේ රෝගයක්

    January 28, 2026

    GMOA අවසන් තීරණය මධ්‍යම කාරක සභාවෙන් පසු

    January 28, 2026

    පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    January 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.