Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026

    ලංකා IOC ඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළ දමයි

    April 8, 2026

    GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

    April 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඉන්දියා – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය අද
    Sport

    ඉන්දියා – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය අද

    By LFNJanuary 10, 2023No Comments1 Min Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද (10) ගුවහති හීදි පැවැත්වේ.

    තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතය.

    ගුවහතිහී බර්සපාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත එක්දින තරගය හේතුවෙන් ඇසෑම් රජය අද දිනය කම්රුප් දිස්ත්‍රික්කයේ අර්ධ දින දේශීය නිවාඩුවක් ප්‍රකාශයට පත් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

    තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීම නිත්‍ය නායක රෝහිත් ශර්මා සිදුකරන අතර විරාත් කෝලි, ලෝකේෂ් රාහුල්, ශ්‍රෙයාස් අයියර් සහ මොහොමඩ් ශාමී වැනි 20 – 20 තරගාවලියට සහභාගී නොවු අත්දැකීම් බහුල ක්‍රීඩකයන් එක්දින තරගාවලියට ඇතුළත් කර ඇත.

    කෙසේවෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ, මීට පෙර ඉන්දීය සංචිතයට නම්කර සිටි ජස්ප්‍රිත් බුම්රා එක්දින තරගාවලියට ක්‍රීඩා නොකරන බවය.

    මේ අතර විස්සයි විස්ස තරගාවලියට සහභාගී නොවු ජෙෆ්රි වැන්ඩසේ සහ නුවනිදු ප්‍රනාන්දු එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට එක්ව සිටී.

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙතෙක් එක්දින තරග 162ක් පවත්වා ඇති අතර ඉන්දියාව ඉන් තරග 93ක් ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව තරග 57ක් ජයගෙන තිබේ.

    ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ඉන්දියාවේදී එක්දින තරගාවලි 10කට සහභාගීවී ඇති අතර ඉන් තරගාවලි 09ක්ම ජයගෙන ඇත්තේ ඉන්දියාවය.

    එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් විය.

    ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියා කණ්ඩායමට එරෙහිව මෙතෙක් එක්දින තරගාවලි ජයක් හිමිකරගෙන නැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නවතම ශ්‍රේණිගත කිරීම්වල වනිදු – මහීෂ් ඉදිරියට

    March 26, 2026

    ශේන් වෝන්ගේ නැණවත් තීරණය

    March 25, 2026

    ධුරයෙන් සමු ගැනීම ගැන සනත් කතා කරයි

    March 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,378 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026061 Views

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය සේවාලාභීන් සඳහා පමණක් අද (08) සිට එක්දින සේවය යටතේ…

    ලංකා IOC ඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළ දමයි

    April 8, 2026

    GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

    April 6, 2026

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ පුද්ගලයන් 11ක් ජීවිතක්ෂයට

    April 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.