Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි
    Hot News

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    By LFNOctober 1, 2026No Comments1 Min Read11 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් භූමියක් නීතිවිරෝධී ලෙස මෙට්‍රෝ බස් රථගාලකට යොදාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන් අතුරුගිරිය පොලිසියට කැඳවා තිබේ.

    ඒ එම භූමිය බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවට නිවාස සංකීර්ණයේ පාලනාධිකාරිය කළ පැමිණිල්ලකට අනුවය.

    කෙසේවෙතත් එම පාලනාධිකාරිය චෝදනා කරන්නේ පැමිණිල්ල කර දැනට දින පහක් ගත වුවද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය පසුබට වෙමින් සිටින බවටය.

    අතුරුගිරියේ මෙට්‍රෝ බස් රථගාල ඉකුත් සැප්තැම්බර් 29 වනදා විවෘත කළේ, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ හා කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

    ඒ සඳහා වෙන්කළ භූමිය ඉකුත් 26 වනදා සුද්ද පවිත්‍රකර සකස් කිරීම සිදු කළේය.

    එය අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් පර්චස් 100ක භූමි ප්‍රමාණයක් බවත්, මන්ත්‍රිවරු එම භූමිය බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවත් එම නිවාස සංකීර්ණයේ පාලානාධිකාරිය පසුව චෝදනා කළේය.

    අනතුරුව එම පාලනාධිකාරය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

    ඒ අනුව ඊයේ (30) දිනයේදී ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ හ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන්ව අතුරුගිරිය පොලිසියට කැඳවනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,474 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202603 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.