Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි
    Hot News

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    By LFNSeptember 14, 2026No Comments2 Mins Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ධුරය සම්බන්ධයෙන් රජයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ලැබී නොමැති බැවින්, පෙර ප්‍රකාශිත පරිදි ලංකා දුම්රිය සේවයේ සැප්තැම්බර් 17 සහ 18 යන දෙදින ක්‍රියාත්මක කිරීමට නියමිත සංකේත වැඩ වර්ජන තීරණය නොවෙනස්ව ඉදිරියට පවත්වන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති පවසයි.

    ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිතිවල සම කැඳවුම්කරු කසුන් චාමර ජයසේකර අද (14) නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.

    අද ප්‍රවාහන අමාත්‍යාංශ පරිශ්‍රයේදී, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සහ ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති නායකයින් අතර මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

    එහිදී වෘත්තීය සමිති නියෝජිතයින් විසින් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ උද්ගත වී ඇති පරිපාලනමය හා මෙහෙයුම් ගැටලු මෙන්ම මගී ජනතාව මුහුණ දී ඇති සේවා බිඳවැටීම් පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පෙන්වා දුන් බව සඳහන් වේ.

    එහිදී වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පාලනය කෙරෙහි වෘත්තීය සමිතිවල විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බැවින්, ඔහු වහාම එම ධුරයෙන් ඉවත් කළ යුතු බව වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී අවධාරණය කර ඇත.

    දුම්රිය දෙපාර්තමේන්තුව නැවත ගොඩනැඟීම, කාර්යක්ෂම සේවයක් ස්ථාපිත කිරීම සහ මගී ජනතාවට වඩා හොඳ සේවාවක් ලබාදීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ එකම අරමුණ බවද ඔවුහු පෙන්වා දී තිබේ.

    සාකච්ඡාවට සහභාගී වූ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ, දුම්රිය දෙපාර්තමේන්තුව ගොඩනැඟීම වෘත්තීය සමිතිවල සැබෑ අරමුණ බව තමන් පිළිගන්නා බවත්, දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම්වරයා වෙත නිදහසට කරුණු විමසමින් ලිපියක් නිකුත් කිරීම නිවැරදි ක්‍රියාවක් නොවන බවත්ය.

    කෙසේ වෙතත්, වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තමන්ට තවදුරටත් කාලය අවශ්‍ය බව අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී දැනුම් දී තිබේ.

    එහෙත්, වසර දෙකකට ආසන්න කාලයක් පුරා පවතින මෙම ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් කාලය ලබා දිය නොහැකි බව පවසමින් වෘත්තීය සමිති එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බව සඳහන් වේ.

    ඒ අනුව, සාකච්ඡාව වැඩ වර්ජනය අත්හිටුවීම හෝ අවලංගු කිරීම සම්බන්ධයෙන් කිසිදු එකඟතාවයකට පැමිණීමකින් තොරව අවසන් වී ඇති බැවින්, සැප්තැම්බර් 17 සහ 18 යන දෙදින තුළ සැලසුම් කළ පරිදි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති තවදුරටත් නිවේදනය කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.