Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති
    Hot News

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    By LFNAugust 30, 2026No Comments2 Mins Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා ශක්ති ජාතික මහ ලේකම් කාර්යාලය එක්ව දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා ශක්ති” වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.

    ඒ අනුව, ශ්‍රී ලංකාවේ සෑම ග්‍රාම නිලධාරී වසමකම අවම වශයෙන් එක් සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    ඒ සඳහා 2026 අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 25,000කි.

    මේ වන විට දිවයින පුරා ග්‍රාමීය මට්ටමින් සංවර්ධන ව්‍යාපෘති 15,646ක් පමණ ආරම්භ කර ඇති අතර, එහි මූල්‍ය වටිනාකම රුපියල් මිලියන 22,425කි.

    සමස්ත ව්‍යාපෘති ප්‍රමාණයෙන් සියයට 53.2ක්, එනම් ව්‍යාපෘති 8,323ක්, ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහා ද, ඉතිරි සියයට 46.8ක්, එනම් ව්‍යාපෘති 7,323ක්, යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ද වෙන් කර ඇත.

    ඒ යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්වල ප්‍රගති සමාලෝචනයක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මුළු ව්‍යාපෘති සංඛ්‍යාව 786ක් වන අතර, එහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 997.84ක් බව එහිදී අනාවරණය විය.

    එසේ ක්‍රියාත්මක වන සමස්ත ව්‍යාපෘති සංඛ්‍යාවෙන් 263ක් ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති වන අතර, ඒ සඳහා වෙන් කර ඇති දළ ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 296.19කි.

    තවද, ව්‍යාපෘති 286ක් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති වන අතර, ඒ සඳහා වෙන් කර ඇති දළ ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 543.22කි.

    එමෙන්ම ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා ශක්ති ඒකක සඳහා තාක්ෂණික උපකරණ හා පහසුකම් සංවර්ධනය වෙනුවෙන් එක් ඒකකයකට රුපියල් ලක්ෂ 5 බැගින්, 2026 වර්ෂයට අදාළව රුපියල් මිලියන 182.5ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බව ද එහිදී අනාවරණය විය.

    2025 වර්ෂයේදී ඒ සඳහා රුපියල් මිලියන 365ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇත.

    සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කර හැකි ඉක්මනින් ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන ලෙසත්, රාජ්‍ය මූල්‍ය විනය ආරක්ෂා කර ගනිමින් සංවර්ධන ව්‍යාපෘතිවල උපරිම ප්‍රතිලාභ ජනතාවට ලැබෙන සේ ඒවා ක්‍රියාත්මක කරන ලෙසත් අමාත්‍ය උපාලි පන්නිල මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.