Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ
    Hot News

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    By LFNAugust 28, 2026No Comments1 Min Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර චාරිත්‍රානුකූලව අවසන් කරමින් සිදුකරන දිය කැපීමේ චාරිත්‍රය අද (28) උදෑසන මහවැලි නදියේ ගැටඹේ තොටුපොළේ දී සිදුකරනු ලැබීය.

    ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර ඊයේ (27) රාත්‍රියේ සාර්ථකව වීථි සංචාරය කරන ලදී.

    අනතුරුව නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහර නැවත එම දේවාල වෙත පැමිණ දේව පූජා පැවැත්වීමෙන් පසු, කටුකැලේ වීදිය ඔස්සේ ගැටඹේ මහවැලි ගං තොට වෙත ගමන් කළේය.

    එහිදී සම්ප්‍රදායානුකූල දිය කැපීමේ මංගල්‍යය චාරිත්‍රානුකූලව සිදු කිරීමෙන් පසුව පෙරහැර නැවත මහනුවර ගණදෙවි කෝවිල දක්වා විත් ඉන් පසු ගෙඩිගේ රජමහා විහාරය වෙත ළඟා විය.

    ගෙඩිගේ රාජමහා විහාරයේ සිට අද ප.ව. 2:18ට උතුරු දිශාමුඛව පිටත්වන දහවල් පෙරහැර, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර සහ දේව වීදිය ඔස්සේ රජවීදියට හැරී, ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රය තෙවරක් ප්‍රදක්ෂිණා කිරීමට නියමිතය.

    අනතුරුව සවස 4:01 ට උතුරු දිශාමුඛව දළදා මාලිගාව වෙත ගෙවැදීම සිදු කෙරේ.

    පෙරහැර ගෙවැදීමෙන් පසු දියවඩන නිලමේ ඇතුළු සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත ගමන් කිරීමට නියමිතය.

    එහිදී ඇසළ පෙරහැර මංගල්‍යය සාර්ථකව නිමා කළ බව දැනුම් දෙන සංදේශය ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත අතර, පෙරහැරේ විශිෂ්ට දක්ෂතා දැක්වූ කලාකරුවන්ට සම්මාන ප්‍රදානය කිරීමෙන් පසුව මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත්වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.