Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය
    Hot News

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    By LFNAugust 12, 2026No Comments2 Mins Read8 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සාංචිහි බෞද්ධ උරුමය සහ ගෘහ නිර්මාණ ශිල්පය දැක බ්‍රික්ස් නියෝජිතයෝ මවිතයට පත්ව තිබේ.

    ඒ, ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ අශෝක අධිරාජයා විසින් ඉදිකළ, වර්තමානයේ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි සාංචි පුදබිමට පසුගියදා පැමිණි අවස්ථාවේදීය.

    බ්‍රික්ස් රටවල නියෝජිතයන් එහි පවතින පොහොසත් බෞද්ධ උරුමය, ඓතිහාසික කතාන්දර සහ සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව සිය ප්‍රසාදය පළ කර තිබේ.

    බ්‍රසීලය, චීනය, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දුනීසියාව, රුසියාව සහ තායිලන්තය ඇතුළු බ්‍රික්ස් රටවල් 11ක නියෝජිතයන් 42 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සංචාරයට එක්වූ බව සාංචි චේතියගිරි විහාරාධිකාරී පූජ්‍ය බානගල විමලතිස්ස හිමියෝ පැවසූහ.

    ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, සාංචි චේතියගිරි විහාරාධිපති සහ ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ උපදෙස් පරිදි මෙම නියෝජිත පිරිසට විශේෂ පිළිගැනීමක් ද සංවිධාන කර තිබිණි.

    සාංචි ඉතිහාසයේ වසර 74කට පසු ප්‍රථම වතාවට භූගත ධාතු ගර්භයෙන් සර්වඥ ධාතූන් වහන්සේලා ඉහළ මාලයට වැඩම කරවා, නියෝජිත පිරිස වෙනුවෙන් විශේෂ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් සහ තේවා පූජාවක් ද පැවැත්වූ බව සාංචි අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලාගේ තේවාව භාර පූජ්‍ය පණ්ඩිත උඩුගම තපස්සි හිමියෝ පැවසූහ.

    මෙම අවස්ථාවට බ්‍රික්ස් රටවල සංස්කෘතික ක්‍රියාකාරීන් සහ පුරාවිද්‍යා බලධාරීන් මෙන්ම, ඉන්දීය මධ්‍යම රජයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍ය ශ්‍රී ගජේන්ද්‍ර සිං ෂෙකාවත්, මධ්‍ය ප්‍රදේශ් රජයේ සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය ශ්‍රී ධර්මේන්ද්‍ර ලෝදි, රයිසන් දිසාපති ශ්‍රී අරුන් කුමාර් විශ්වකර්ම, සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලේකම් ශිවශේකර් ශුක්ලා සහ මධ්‍ය ප්‍රදේශ් සංචාරක මණ්ඩලයේ කළමනාකාර අධ්‍යක්ෂ ඉලයියා රාජා ටී ඇතුළු ඉන්දීය නිලධාරීහු ද එක්ව සිටියහ.

    පුරාණ ඉන්දියානු සංස්කෘතිය සමඟ ලෝක සාමයේ පණිවිඩය ද මූර්තිමත් කරන ඓතිහාසික උරුමයක් ලෙස සාංචි පුදබිම හැඳින්වූ බ්‍රික්ස් නියෝජිතයෝ, වසර දහස් ගණනක් පැරණි බෞද්ධ හා ඉන්දියානු උරුමයන් පිළිබඳ සාක්ෂි සියැසින් දැකගැනීමට ලැබීම අමතක නොවන අත්දැකීමක් බව පැවසූහ.

    මෙම නියෝජිත සමුළුව බෝපාල්හි කුෂාභාවු තක්රේ ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී අගෝස්තු 05 සිට 08 දක්වා පැවැත්විණි.

    18 වැනි බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව සැප්තැම්බර් 12 සහ 13 යන දෙදින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.