Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට
    Hot News

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    By LFNAugust 10, 2026No Comments2 Mins Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බදු පරිපාලන ප්‍රතිසංස්කරණ හා ඩිජිටල්කරණයේ අවශ්‍යතාව, පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට යොමුව තිබේ.

    ඒ එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

    මෙරට මූල්‍ය ක්‍රියාකාරිත්වය, බදු ආදායම් එකතු කිරීමේ ප්‍රගතිය සහ බදු පරිපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව අවධානය යොමු කරමින් බදු පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතය, බදු පදනම පුළුල් කිරීම සහ ආයතනික හැකියාවන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී අවධාරණය කෙරිණි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් මෙම කාරක සභාව රැස්ව ඇති අතර, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ මෙරට වර්තමාන මූල්‍ය තත්ත්වය සහ බදු පරිපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කෙරිණි.

    එහිදී 2026 වර්ෂය සඳහා වූ බදු සැලැස්ම, 2026 ජූනි 30 දින දක්වා බදු ආදායම් එකතු කිරීමේ ප්‍රගතිය, ආදායම් ඇස්තමේන්තු, බදු වර්ග අනුව ආදායම් කාර්යසාධනය, බදු පදනම, වර්තමාන බදු අනුකූලතා තත්ත්වය, බදු ක්‍රමය සරල කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම සහ RAMIS පද්ධතියේ ප්‍රගතිය, ඩිජිටල් සේවා සඳහා අදාළ බදු, බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු විය.

    මෑත කාලීන බදු ප්‍රතිපත්ති සංශෝධන සහ ආදායම් කළමනාකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ යම් ස්ථාවරත්වයක් ඇති වී ඇති බවද සාකච්ඡාවේදී පෙන්වා දී ඇත.

    එම ප්‍රගතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා බදු පරිපාලනය නවීකරණය කිරීම, බදු ගෙවන්නන්ගේ පදනම පුළුල් කිරීම සහ බදු අනුකූලතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.

    බදු පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා විද්‍යුත් සේවා පුළුල් කිරීම, ආයතන අතර දත්ත හුවමාරුව ශක්තිමත් කිරීම සහ ඩිජිටල් පද්ධති වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

    තවද, බදු පරිපාලනයේ පවතින අභියෝග ලෙස අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් බදු ජාලයට ඇතුළත් කිරීම, තාක්ෂණික පද්ධති යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව, දත්ත ඒකාබද්ධ කිරීමේ ගැටලු සහ විශේෂිත ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

    එමෙන්ම, RAMIS පද්ධතිය වැඩිදියුණු කිරීම, විද්‍යුත් ලියාපදිංචි කිරීම, ගොනු කිරීම සහ ගෙවීම් ක්‍රමවේද පුළුල් කිරීම, දත්ත පද්ධති ඒකාබද්ධ කිරීම සහ බදු පරිපාලන ක්‍රියාවලීන් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.