Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු
    Hot News

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    By LFNAugust 10, 2026No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

    බෝලවත්ත සහ බොරලැස්ස දුම්රිය ස්ථාන අතර පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී කොළඹ සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් ලුණුවිල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොහු මියගොස් ඇති අතර, වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    දංකොටුව, සුමගි හන්දිය – මැටිකොටුව අතුරු මාර්ගයේදී  ත්‍රීරෝද රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් ද පුද්ගලයෙකු මියගොස් තිබේ.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ රියදුරු මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

    නිකවැරටිය – කුරුණෑගල මාර්ගයේ මාගල්ලේගම ප්‍රදේශයේදී ඇඟලුම් කර්මාන්තශාලා සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් දකුණට හැරවීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ පසුපැදිකාරිය වූ 52 හැවිරිදි කාන්තාවක් නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

    මුලතිව් – පුදුකුඩිඉරුප්පු මාර්ගයේ 46 කිලෝමීටර් කණුව ආසන්නයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන තල් ගසක ගැටීමෙන් අනතුරකින් ද තරුණයෙකු මියගොස් තිබේ.

    අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු මාන්චෝලේ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මෙම පසුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ සිවනගර් ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.