Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්
    Local News

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    By LFNAugust 6, 2026No Comments1 Min Read12 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ “හැකි ඉක්මනින්” පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

    නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා ඊයේ (05) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවු අවස්ථාවේ දී මෙම ඉල්ලීම සිදුකර ඇත.

    එමෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්කිරීම සඳහා සහාය දැක්වීම, බලශක්ති සහයෝගීතාව, වෙළෙඳ ගිවිසුම යාවත්කාලීන කිරීම, ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, කන්කසන්තුරේ වරාය නවීකරණය සහ ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය ඇතුළු ඉන්දියානු සහාය ලබන ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    2017 සිට 2019 දක්වා කාලයේ පළාත් සභා 9ක ධුර කාලය අවසන් වී ඇති අතර, එතැන් සිට මේ දක්වා එම මැතිවරණ පැවැත්වීම ප්‍රමාද වී තිබේ.

    ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා මෙරට නිල සංචාරයක නිරත වීම සඳහා ඊයේ (05) දින දිවයිනට පැමිණියේය.

    මෙම සංචාරයේ දී ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ අමාත්‍යාංශ ලේකම් අරුණි රනරාජා සමග සාකච්ඡා පවත්වා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 202604 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.