Close Menu
Lanka Focus News
    What's Hot

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    August 10, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»කැලණි ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්
    Hot News

    කැලණි ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

    By LFNAugust 1, 2026No Comments1 Min Read7 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කැලණි ගඟ ද්‍රෝණියේ ඉහල සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට ලැබෙමින් පවතින තද වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 48 ඇතුළත ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් අද (01) පෙ.ව. 7.30 මෙම ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති අතර එය අනිද්දා (03) පෙ.ව. 7.00 දක්වා වලංගු වේ.

    ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල සහ සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

    එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පවතින කාලගුණ පුරෝකථනයන්ට අනුව ඉදිරියේදී ද දැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බැවින් ගඟෙහි ජල මට්ටම් ක්ෂණිකව ඉහළ යාමට ඉඩ ඇති බවය.

    එබැවින් එම ප්‍රදේශවල පදිංචි මහජනතාව, ගංඟාව පරිහරණය කරන්නන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන් මේ තත්ත්වය පිළිබඳව දැඩි සැලකිල්ලකින් සහ අවධානයකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    August 10, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,457 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    August 10, 202601 Views

    බදු පරිපාලන ප්‍රතිසංස්කරණ හා ඩිජිටල්කරණයේ අවශ්‍යතාව, පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට යොමුව…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.