Close Menu
Lanka Focus News
    What's Hot

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    August 10, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
    International

    ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

    By LFNJuly 17, 2026No Comments1 Min Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් (Sir Garfield Sobers) අභාවප්‍රාප්ත වී තිබේ.

    මියයන විට ඔහුගේ 89 හැවිරිදි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    සෝබර්ස් 1954 සහ 1974 කාලය අතරතුර ටෙස්ට් තරග 93කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී ලකුණු 8,032ක් රැස් කරමින් කඩුලු 235ක් දවා ගෙන තිබේ.

    වමත් පිතිකරුවෙකු වූ ඔහු 1958 වසරේදී පාකිස්ථානයට එරෙහිව නොදැවී ලකුණු 365ක් රැස් කළේය.

    එම ඉනිම වසර 36ක් පුරා ලොව වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ලෙස ද පැවතුණි.

    එසේම ඔහු දඟ පන්දු මෙන්ම වේග පන්දු ද එකලෙස යැවිය හැකි අතිශය දක්ෂ පන්දු යවන්නෙකු ද විය.

    නොටින්හැම්ෂයර් (Nottinghamshire) ප්‍රාන්තය වෙනුවෙන් ද ක්‍රිකට් ක්‍රීඩා කළ සෝබර්ස්, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකළ සේවය අගයමින් 1975 වසරේදී නයිට් (Knighted) නාමයෙන් පිදුම් ලැබීය.

    මීට අමතරව, විස්ඩන් (Wisden) සඟරාව මගින් නම් කරන ලද 20 වැනි සියවසේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින් පස්දෙනා අතරට ද ඔහු ඇතුළත් විය.

    1968 වසරේ නොටින්හැම්ෂයර් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී, පළමු පෙළ ක්‍රිකට් තරගයකදී එක් පන්දුවාරයක පන්දු හයටම හයේ පහරවල් 6ක් එල්ල කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ද සෝබර්ස් සමත් විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,457 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    August 10, 202601 Views

    බදු පරිපාලන ප්‍රතිසංස්කරණ හා ඩිජිටල්කරණයේ අවශ්‍යතාව, පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට යොමුව…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.