Close Menu
Lanka Focus News
    What's Hot

    ඌව‌ට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි

    September 8, 2026

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 2026

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්
    Local News

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    By LFNJuly 8, 2026No Comments1 Min Read7 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂාර්ජා සිට පකිස්තානයේ කරාචි බලා පියාසර කරමින් තිබූ බෝයිං 737 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මාර්ගෝපදේශන පද්ධතියේ දෝෂයක් වාර්තා කිරීමෙන් අනතුරුව ගුවන් ගමනාගමන පාලකයන් සමඟ තිබූ සම්බන්ධතාව බිඳ වැටී ඇති බව පාකිස්තාන ගුවන් සේවා බලධාරීන් පවසයි.

    සිද්ධිය සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු සිට ඇති බව වාර්තා වේ.

    ගුවන් ගමන් නිරීක්ෂණ සේවාවක් වන Flightradar24 හි මූලික දත්ත අනුව, වසර 27ක් පැරණි මෙම ගුවන් යානය කරාචි නගරයට නිරිතදිග මුහුදු ප්‍රදේශයට ළඟා වන අතරතුර උස හදිසියේ කිහිප වතාවක් වෙනස් කර ඇති අතර, ඉන් අනතුරුව වේගවත් ලෙස පහළ බැස ඇත.

    ඒ අනුව, ගුවන් යානය මුහුදට කඩා වැටී තිබිය හැකි බවට සැක පළ කෙරෙන අතර, එය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත.

    අනතුර සම්බන්ධයෙන් සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ගුවන් යානයේ සහ කාර්ය මණ්ඩලයේ ඉරණම පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඌව‌ට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි

    September 8, 2026

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 2026

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඌව‌ට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි

    September 8, 202605 Views

    ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි…

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 2026

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.