Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට
    International

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    By LFNJune 8, 2026No Comments1 Min Read10 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෝල්ටාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව  සහන සේවා කණ්ඩායම් නිවේදනය කර තිබේ.

    අනතුරට පත් වූ තවත් පුද්ගලයන් 50 දෙනෙකු පමණ එම මුහුදු ප්‍රදේශයේ තිබූ ධීවර යාත්‍රාවක් මඟින් බේරාගෙන ඇති බව සඳහන් වේ.

    ඉතාලි වෙරළාරක්ෂක බලකායට අනුව, පුද්ගලයන් 60 දෙනෙකු පමණ රැගත් මෙම යාත්‍රාව ලිබියාවෙන් ගමන් ආරම්භ කර ඇති අතර, මෝල්ටාවට ගිනිකොන දෙසින් නාවික සැතපුම් 45ක් පමණ දුරින්දී මෙලෙස පෙරළී ගොස් ඇත.

    අනතුර සැලවීමත් සමඟ රෝමය විසින් එම ප්‍රදේශයට මුර සංචාරක යාත්‍රාවක් පිටත් කර යවා ඇති අතර, මුලින්ම මළ සිරුරු 10ක් සොයා ගැනීමට ඔවුන්ට හැකි වී තිබේ.

    දිවි ගලවා ගත් 48 දෙනෙකු ධීවර යාත්‍රාවක් විසින් බේරාගත් බව සඳහන් වේ.

    උණුසුම් කාලගුණය ළඟාවීමත් සමඟ උතුරු අප්‍රිකාවේ සිට යුරෝපය බලා යන මුහුදු මාර්ගයේ සංක්‍රමණිකයන්ගේ පැමිණීම සාමාන්‍යයෙන් ඉහළ යන අතර, මෙම අවදානම් සහගත මුහුදු සංචාරයේදී ඔවුන්ට හමුවන ආසන්නතම ගොඩබෑමේ ස්ථාන වන්නේ ඉතාලිය, මෝල්ටාව සහ ග්‍රීසියයි.

    එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ දත්තවලට අනුව, 2026 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් මධ්‍යධරණී මුහුද තරණය කිරීමට උත්සාහ කිරීමේදී කුඩා ළමුන් 14 දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 827 දෙනෙකු මියගොස් හෝ අතුරුදන් වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

    July 17, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202606 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.