Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»කාන්තා සෞඛ්‍යය ගැන සජිත්ගෙන් ෆේස්බුක් සටහනක්
    Local News

    කාන්තා සෞඛ්‍යය ගැන සජිත්ගෙන් ෆේස්බුක් සටහනක්

    By LFNMay 28, 2026No Comments2 Mins Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කාන්තා සෞඛ්‍යය යනු හුදෙක් “කාන්තාවන්ගේම ගැටලුවක්” පමණක් නොව, එය සෑම පවුලකම පැවැත්මේ අඩිතාලම වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ලෝක ඔසප් සනීපාරක්ෂක දිනය වෙනුවෙන් සිය නිල සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ඒ මහතා මේ බව අවධාරණය කර ඇත.

    අදාළ සටහන මඟින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ අපගේ නිවෙස් තුළ වැඩිම රැකවරණ බරක් උසුලන කාන්තාවන්ට, අන් අය රැකබලා ගැනීම වෙනුවෙන් තමන්ගේම සෞඛ්‍යය සහ යහපැවැත්ම නොසලකා හැරීමට සිදු නොවිය යුතු බවයි.

    එහිදී ඒ මහතා මෙසේද ප්‍රශ්න කර සිටී,

    “අපේ මව්වරුන් සහ දියණියන් තමන් විඳින වේදනාවන් නිහඬව විඳදරාගත යුතු යැයි අපේක්ෂා කරන, ඒ වෙනුවෙන් විවෘතව කතා කරන හෝ සහාය පතන අයව විවේචනයට ලක් කරන ආකාරයේ කෙබඳු සමාජයක්ද අප මේ ගොඩනඟමින් සිටින්නේ?”

    තවදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන් ගැන සැලකිලිමත් වන කාන්තාවන්ට සමාජය තුළ ගෞරවය හිමිවිය යුතු බවත්, ඔවුන්ට සහයෝගය දක්වන පිරිමින් උපහාසයට ලක් නොකර අගය කළ යුතු බවත්ය.

    එමෙන්ම, වර්තමාන දියුණු සමාජයේ කිසිදු තැනක ‘ඔසප් දරිද්‍රතාවය’ (Period Poverty) නමැති කටුක යථාර්ථය නොපැවතිය යුතු බවත්, එය මානුෂීය සමාජයකින් සහමුලින්ම තුරන් කළ යුත්තක් බවත් විපක්ෂ නායකවරයා සිය නිවේදනය මඟින් සිහිපත් කර දී තිබේ.

    ලෝක ඔසප් සෞඛ්‍යාරක්ෂක දිනය ‘World Menstrual Hygiene Day’සෑම වසරකම මැයි මස 28 වෙනිදාට ලොව පුරා සමරනු ලබන ජාත්‍යන්තර දැනුවත් කිරීමේ දිනයකි.

    එහි ප්‍රධාන අරමුණ වන්නේ ඔසප් වීම පිළිබඳව සමාජය තුළ පවතින අනවශ්‍ය ලැජ්ජාව සහ මිථ්‍යා මත දුරු කර, කාන්තාවන්ට සහ දියණියන්ට සුරක්ෂිත මෙන්ම ගෞරවනීය ලෙස තම ආර්ථව සෞඛ්‍යය කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,460 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 202602 Views

    ඩුබායි හිදී අත්අඩංගුවට ගත්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ශිරාන් බාසික්” නමැත්තා අද (14) රාත්‍රියේ දිවයිනට…

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.