Close Menu
Lanka Focus News
    What's Hot

    විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

    November 20, 2026

    ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා සහ අගමැති හරිනි අතර සාකච්ඡාවක්

    November 19, 2026

    81 වැනි ජන්ම දිනයට මහින්දට නාමල්ගෙන් සුබ පැතුම්

    November 18, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කමිටුව ඇමතිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
    Local News

    සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කමිටුව ඇමතිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

    By LFNMay 27, 2026No Comments2 Mins Read8 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිට්වා සුළි කුණාටුව මගින් සිදු කරන ලද ව්‍යසනයේ ප්‍රතිඵලයක් ලෙස පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉහළ මට්ටමේ මනා සම්බන්ධීකරණයෙන් යුතු ජාතික ප්‍රතිසාධන යාත්‍රණයක් බලමුලුගැන්වීමේ අරමුණින් පිහිටුවන ලද Rebuilding Sri Lanka ජනාධිපති කාර්යසාධක බලකාය යටතේ ස්තාපනය කරන ලද 5වන අනු කමිටුව සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කමිටුව සිව්වන වරටත් පසුගිය (25) දා එහි සභාපති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ආමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්විය.

    යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනයේදී පැනනගින ගැටළු පිළිබඳව ප්‍රමාදයන් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සහ ප්‍රතිපත්තිමය තීරණ ගතයුතු කරුණු පිලිබඳව සාකච්ඡා කරන ලදී. එම ක්ෂේත්‍රවල යටිතල පහසුකම් හා සේවා පිළිබඳවත්, එම කටයුතුවලදී මුහුණ දෙන අභියෝග පිළිබඳවත් කරුණු පෙන්වා දෙන ලදී. අධ්‍යාපන, උසස් අධ්‍යාපන, මහජන සෞඛ්‍ය හා විශේෂිත වෛද්‍ය සේවා, සමාජ සුබසාධන හා ආරක්ෂණ පද්ධති, පොදු සමාජ පහසුකම්, සංස්කෘතික පහසුකම් සහ රාජ්‍ය සේවා සැපයීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් යන ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

    එසේම, ආපදා හේතුවෙන් හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ආපදා කළමනාකරණ සේවා මධ්‍යස්ථානය සතුව පවතින දත්ත පද්ධති යොදාගැනීමේ හැකියාව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. එමෙන්ම හලාවත, නුවරඑළිය සහ මහියංගණය රෝහල් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මූලික කටයුතු ආරම්භ කර ඇති බවත්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත්, හානියට පත් රාජ්‍ය ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය සඳහා ප්‍රතිපාදන නිදහස් කිරීම පිලිබඳවත්, දිස්ත්‍රික්ක යටතේ ක්‍රියාත්මකවීමට ඉදිරිපත්කර ඇති ව්‍යාපෘති යෝජනා පිළිබඳවත් වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා, ආයතන අතර සම්බන්ධීකරණයේ සහ කාලානුරූපීව කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කළේ ය. අමාත්‍යාංශ මගින් ඉදිරිපත් කරන ලද විසඳී නොමැති ගැටලු සහ ප්‍රතිපත්තිමය වශයෙන් තීරණ ගතයුතු ගැටලු ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත කඩිනමින් යොමු කර තීරණ ගතයුතු බව ද ඔහු පැවසීය.තවද දැනට ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ සමීප අධීක්ෂණයක් පවත්වා ගෙන යා යුතු බවද අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී. ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමේ දී ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ පවතින අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා මෙම අනුකමිටුව ජූලි මාසයේ දී නැවත රැස්වීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

    November 20, 2026

    ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා සහ අගමැති හරිනි අතර සාකච්ඡාවක්

    November 19, 2026

    81 වැනි ජන්ම දිනයට මහින්දට නාමල්ගෙන් සුබ පැතුම්

    November 18, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,485 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,436 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,633 Views
    Don't Miss

    විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

    November 20, 202608 Views

    මේ වසරේ මෙරටට පැමිණි සංචාරකයින් අතුරින් විසි ලක්ෂයේ සංචාරකයා අද (20) දිවයිනට පැමිණ තිබේ. රුසියානු…

    ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා සහ අගමැති හරිනි අතර සාකච්ඡාවක්

    November 19, 2026

    81 වැනි ජන්ම දිනයට මහින්දට නාමල්ගෙන් සුබ පැතුම්

    November 18, 2026

    අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීමට අවධානය

    November 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.