Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»LPL සටනට රටවල් 21කින් ක්‍රීඩකයින් 650ක් ලියාපදිංචි වෙලා
    Local News

    LPL සටනට රටවල් 21කින් ක්‍රීඩකයින් 650ක් ලියාපදිංචි වෙලා

    By LFNMay 23, 2026No Comments1 Min Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 650කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ක්‍රිකට් ආයතනය අද (23) නිල වශයෙන් නිවේදනය කළේය.

    මෙවර තරගාවලිය සඳහා ICC පූර්ණ සාමාජිකත්වය දරන සියලුම රටවල ක්‍රීඩකයන් මෙන්ම, අර්ධ සාමාජික රටවල් කිහිපයකින්ම ක්‍රීඩකයින් ලියාපදිංචි වී සිටීම විශේෂත්වයක්ය.

    ඒ අනුව සමස්තයක් ලෙස ලොව පුරා රටවල් 21කින් ක්‍රීඩකයින් මෙවර ලියාපදිංචි වී සිටිති.

    ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ පාකිස්තානයෙන් වන අතර, එම ගණන 102ක්ය.

    ඊට අමතරව බ.ඉ. කොදෙව් (75), දකුණු අප්‍රිකාව (66), බංග්ලාදේශය (48), නවසීලන්තය (41), ඔස්ට්‍රේලියාව (24), එංගලන්තය (15) හා ඉන්දියාවෙන්ද (12) ක්‍රීඩකයින් ලියපදිංචි වී ඇති බව ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

    මීට අමතරව අර්ධ සාමාජික රටවල්වන අමෙරිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්ද ක්‍රීඩකයන් ලියාපදිංචි වී ඇත.

    ලියාපදිංචි වී ඇති සමස්ත ක්‍රීඩකයින් පිරියෙන් 310ක් විශේෂ ඇගයීම් ක්‍රියාවලියකින් අනතුරුව අවසන් වටය සඳහා තෝරා ගන්නා බවද නිවේදනයේ දැක්වේ.

    ඒ අනුව එම පිරිස ජුනි මස 1 වැනිදා පැවැත්වෙන LPL නිල ක්‍රීඩක කෙටුම්පත (Player Draft) වෙත ඇතුළත් කරනු ඇත.

    6 වන වරටත් පැවැත්වෙන LPL තරගාවලිය එළැඹෙන ජූලි 17 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,460 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 202602 Views

    ඩුබායි හිදී අත්අඩංගුවට ගත්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ශිරාන් බාසික්” නමැත්තා අද (14) රාත්‍රියේ දිවයිනට…

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.