Close Menu
Lanka Focus News
    What's Hot

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මෙරට තුළ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණයවී ඇති බව අගමැතිනිය කියයි
    Local News

    මෙරට තුළ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණයවී ඇති බව අගමැතිනිය කියයි

    By LFNMay 5, 2026No Comments3 Mins Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වනවිට මෙරට තුළ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණයවී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

    ඇය මේ බව ප්‍රකාශ කළේ, අද (05) පස්වරුවේ කොළඹ පැවති මාලදිවයින් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතමිනි.

    ශ්‍රී ලංකාව තුළ ආයෝජන ක්‍රියාවලියට එක්වන ලෙසට අග්‍රාමාත්‍යවරිය මාලදිවයින් ව්‍යාපාරිකයින්ට ආරාධනා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසුගේ සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් පැවති මෙම සංසදය සංවිධාන කර තිබුණේ, මාලදිවයින් ආර්ථික සංවර්ධන, ප්‍රවාහන සහ වෙළෙඳ අමාත්‍යාංශය  විසිනි.

    ඊට මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ රැසක් එක්ව සිටියහ.

    එහිදී මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු සඳහන් කළේ අඩසියවසකට වඩා වැඩි දෙරටේ දේශපාලන විශ්වාසය, ජනතාව අතර සමීප සබඳතාව සහ සුහදත්වය මත ගොඩනැඟුණ මිත්‍රත්වය බහුවිධ සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් අඛණ්ඩව පවත්වා ගෙන යාම අපේක්ෂාව බවය.

    මාලදිවයින “ඉදිරියට යමින් සිටින ජාතියක්” බවත්, සංවර්ධිත, සියලු දෙනා ඇතුළත් කරගත් සහ තිරසාර ජාතියක් බවට පත්වීම මාලදිවයිනේ අරමුණ බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපති මොහොමඩ් මුයිසු එහිදී සඳහන් කළේ,  තම රටෙහි සංවර්ධන ප්‍රවේශය ජනතා කේන්ද්‍රීය, තාක්ෂණය මගින් බලගන්වන සහ පාරිසරික සුරක්ෂිතතාව මත පදනම් වූ එකක් බවය.

    ශ්‍රී ලංකාව මාලදිවයිනේ අසල්වැසියා පමණක් නොව, අත්‍යවශ්‍යම උපායමාර්ගික හවුල්කරුවෙකු බව මාලදිවයින් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    මාලදිවයින් ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාව තුළ සිය ආයෝජන ව්‍යාප්ත කිරීමට උනන්දු වන අතර, දෙරට අතර ද්විපාර්ශ්වික ආයෝජන ආර්ථික ස්ථාවරත්වයට ඉතා වැදගත් බව ඔහු පැවසීය.

    ඉන්දියන් සාගරයේ ආරක්ෂාව, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අත්දැකීම් සහ කුසලතා මාලදිවයිනේ අනාගත ගමනට මහත් ශක්තියක් වනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

    මාලදිවයින ඉන්දියන් සාගරයේ නැගී එන ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත වන බවත්, ජාත්‍යන්තර සමාගම්වලට තම රට කෙරෙහි ඇති විශ්වාසය මින් තහවුරු වන බවත් මෙහිදී ඔහු සඳහන් කළේය.

    යටිතල පහසුකම්, ඩිජිටල් නවෝත්පාදන සහ ආහාර සුරක්ෂිතතාව යන ක්ෂේත්‍රවල ආයෝජනය කරමින් මාලදිවයින සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ජනාධිපතිවරා ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය.

    අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී කියා සිටියේ, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ඓතිහාසික සබඳතාව නූතන ආර්ථික හවුල්කාරිත්වයක් දක්වා පරිවර්තනය කිරීමට කාලය එළඹ ඇති බවය.

    2025 වසර අගභාගයේදී මෙරටට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව සහ ගෝලීය ආර්ථික අභියෝග හමුවේ වුවද, ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ වැඩිම වාර්ෂික සංචාරක පැමිණීම 2025 වසරේදී වාර්තා කළ බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

    විශේෂයෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මාලදිවයින් රජය සහ ව්‍යාපාරික ප්‍රජාව ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 3ක සහෝදරත්වයේ පරිත්‍යාගය දෙරටේ නොසැලෙන මිත්‍රත්වයට කදිම නිදසුනක් බව අග්‍රාමාත්‍යවරිය කෘතඥ පූර්වකව සිහිපත් කළාය.

    2025 වසරේදී දෙරට අතර පැවති වෙළෙඳ පිරිවැටුම ඇමරිකානු ඩොලර් මිලියන 137ක් වුවද, එය සැබෑ විභවයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතින බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

    මාලදිවයිනේ සංචාරක සහ ආගන්තුක සත්කාර අංශය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල 20,000කට අධික ශ්‍රී ලාංකික වෘත්තිකයන් පිරිසක් දැනට සේවය කරමින් එරට ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් ලබා දෙන බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

    ආහාර නිෂ්පාදන සහ මත්ස්‍ය සැකසුම් යන ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට රජය අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

    2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ ඉලක්කය කරා ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටින බවත් දකුණු ආසියාවේ ප්‍රධාන මූල්‍ය කේන්ද්‍රස්ථානය වන කොළඹ වරාය නගරය (Port City) තුළ මාලදිවයින් ආයෝජකයින්ට විශිෂ්ට අවස්ථා පවතින බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

    තිරසාර ‘නිල් ආර්ථික’ ව්‍යාපෘති සහ ඩිජිටල් නවෝත්පාදන ආදී හවුල්කාරීත්වයන් මගින්  දෙරටේම ජනතාවට සෞභාග්‍යය උදාකර දීම ශ්‍රී ලංකා රජයේ අරමුණ බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 202604 Views

    එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම අදට (06) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වූ සැමරුම්…

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.