Close Menu
Lanka Focus News
    What's Hot

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    August 10, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»දම් අමාවෙන් ලොව සැනසෙන වෙසක් පොහොය අදයි
    Hot News

    දම් අමාවෙන් ලොව සැනසෙන වෙසක් පොහොය අදයි

    By LFNMay 5, 2023No Comments1 Min Read282 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෙසක් පුර පසළොස්වක පෝය අදට(05) යෙදී තිබෙනවා.

    ලොව්තුරු අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝකවාසි බෞද්ධ ජනතාව සමරන්නේ මහත් හරසරින්.

    ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරන්නේ මහත් බැතියෙන්.

    සිද්ධර්ථ කුමරුගේ උපත, බෝධිසත්වයන් වහන්සේගේ බුදුවීම හා පිරිනිවන් පෑම වෙසක් දින සිදු වූ සුවිශේෂී සිදුවීම ලෙස හදුන්වා දෙන්න පුලුවන්.

    බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ අදවන් වෙසක් ‍පොහෝ දිනක වීම විශේෂත්වයක්.

    එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේ ද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනකයි.

    විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව කියැවෙනවා.

    බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් අපවත් වන්නේ ද වෙසක් ‍පෝ දිනකයි.

    සකලවාසී ඔබ සියලු දෙනාට ම දම් අමාවෙන් ලොව සැනසෙන පින්බර වෙසක් මංගල්‍ය‍යක් වේවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    August 10, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,457 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    August 10, 202601 Views

    බදු පරිපාලන ප්‍රතිසංස්කරණ හා ඩිජිටල්කරණයේ අවශ්‍යතාව, පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට යොමුව…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.