Close Menu
Lanka Focus News
    What's Hot

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ඉන්ධන කෝටාව ගැන තීරණයක්
    Hot News

    ඉන්ධන කෝටාව ගැන තීරණයක්

    By LFNApril 25, 2023No Comments2 Mins Read328 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව නැවත දැනුම්දෙන තුරු ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

    විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඊයේ (24) ඛනිජ තෙල් සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී එම තීරණය ගත් බවය.

    එම ඉන්ධන කෝටාව ඉහළ නැංවීම හේතුවෙන් මාසික ඉන්ධන ඇනවුම් සැලසුමේ වෙනසක් නොවන බව නිරීක්ෂණය වූ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    පසුගිය සති තුනේ දෛනික ඉන්ධන භාවිතය සහ ඉන්ධන නිකුතුව පිළිබඳව දත්ත නිරීක්ෂණය කිරීමේ දී ඉන්ධන කෝටාව වැඩිකිරීමට පෙර පැවති දෛනික ඉන්ධන නිකුතුව හා සමාන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

    එමෙන්ම ඉන්ධන කෝටාව ඉහළ නැංවීමෙන් පසුව QR කේතය අවභාවිතා කිරීම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවත් QR කේතයට පරිභාහිරව ඉන්ධන ලබාගත් පිරිස් QR ක්‍රමවේදයට අනුගත වී ඇති බවත් නිරීක්ෂණය වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඉන්ධන හල් මඟින් ඉන්ධන කෝටාව වැඩිකිරීමට පෙර නිකුත් කිරීමේ දී 24%ක් වූ QR ක්‍රමවේදයට පරිභාහිරව නිකුත් කර තිබු අතර, ඉන්ධන කෝටාව වැඩිකළ පසු එය 14%ක් දක්වා පහළ ගොස් ඇති බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    ඉන්ධන හල් මඟින් 28%ක් වූ QR ක්‍රමවේදයට පරිභාහිරව ඩීසල් නිකුත් කිරීම ඉන්ධන කෝටාව වැඩිකළ පසු 15%ක් දක්වා පහළ ගොස් ඇති බව ද අමාත්‍යාංශය නිවේදනය කරයි.

    එමෙන්ම එලෙස QR ක්‍රමවේදයට පරිභාහිරව ඉන්ධන නිකුත් කරන ඉන්ධන හල් සම්බන්ධයෙන් නිරන්තරයෙන් විමර්ශනයක් සිදුකරන බව ද අමාත්‍යාංශය නිවේදනය කරයි.

    එම පිරවුම්හල් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීමටත් අඛණ්ඩව මෙම රෙගුලාසි උල්ලංඝනය කරන බෙදුම්කරුවන්ගේ ඉන්ධන හල් බලපත්‍ර අවලංගු කිරීමටත් අමාත්‍ය කංචන විජේසේකර මහතා උපදෙස් ලබාදුන් බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 202604 Views

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අද (25) වීථි සංචාරය කිරීමට…

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.