Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»රිළවු චීනෙට යවන්න එපා කියන අය විසඳුමක් දෙන්නේ නෑ – ඇමති අමරවීර
    Political

    රිළවු චීනෙට යවන්න එපා කියන අය විසඳුමක් දෙන්නේ නෑ – ඇමති අමරවීර

    By LFNApril 17, 2023No Comments2 Mins Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චීනයට ශ්‍රී ලංකාවෙන් රිළවුන් ලබාදිය හැකි වන්නේ ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පත්කරන කමිටුව නිර්දේශ කළහොත් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

    අමාත්‍යවරයා පැවසුවේ චීනයේ පුද්ගලික සත්ත්වෝද්‍යාන 1,000ක් පමණ පවත්වාගෙන යන සමාගමක් විසින් ඔවුන්ගේ සත්ත්වෝද්‍යාන සඳහා ශ්‍රී ලංකාවේ රිළවුන් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බවය.

    “එම ඉල්ලීම සම්බන්ධව මේ වනවිට විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් වගාවන්ට සිදුවන සත්ත්ව හානි සම්බන්ධව ඉදිරිපත් වන කාරණා ගැන නියම තොරතුරු අපි දන්නවා. බොහෝ පරිසරවේදීන් හා පරිසර සංවිධාන වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි සම්බන්ධව වගකීමක් සහිතව කටයුතු කරනවා . ඒ වගේම තවත් සමහරු වල්ගේ පාගා ගෙන කතා කරන බවකුත් පෙනෙනවා. අපේ රටේ රිළවු ලබාදෙන ලෙස චීනයෙන් ඉල්ලීම ඉදිරිපත් වුණත් ඒ සම්බන්ධව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. මෙම කටයුතු පිළිබඳව පවතින නීත්‍යානුකූලභාවය ගැනත් අපි සලකාබැලිය යුතුයි.

    “ඒ සඳහා වනජීවි දෙපාර්තමේන්තුව, සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු අංශවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කරනවා. එම කමිටුව පත් කරන්නේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මතයි. මේ සඳහා මම කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. චීනයට රිළවුන් ලබාදීම සිදුකරන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන කමිටුවේ නිර්දේශය මත පමණයි.”

    “යම් හෙයකින් කමිටුව තීන්දු කළහොත් චීනයට අපේ රිළවුන් දීමට හැකියාවක් නැති බවට මෙම කාරණය එතැනින් අවසන් වෙනවා. ඒ නිසා බොරුවට කලබලවීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් වගා හානි සම්බන්ධව රිළවුන්ගෙන් එල්ල වන තර්ජනයත් සුළුපටු නැහැ. 2022 වසරේ පළමු මාස හය තුළ මේ රටේ පොල් ගෙඩි මිලියන 93ක් රිළවුන් හා දඬුලේනුන් විසින් විසින් විනාශ කර තිබෙනවා.”

    “2022 වසර අවසන් වනවිට එම ප්‍රමාණය පොල් ගෙඩි මිලියන 200 ඉක්මවා තිබෙනවා. රිළවුන් නිසා වගාවන්ට සිදුවන හානි ගැන ගොවි ජනතාව වෙතින් අසා දැනගත හැකියි. ඒ නිසා මෙම ගැටලුව කාලයක් තිස්සේ පවතින කිසිදු විසඳුමක් නැතිව පවතින ප්‍රශ්නයක්. රිළවු චීනෙට ලබාදීමට විරුද්ධව අදහස් දක්වන අය ඒ සඳහා විකල්ප විසඳුම් ඉදිරිපත් කරන්නෙත් නැහැ. ඒ නිසා මෙම ගැටලුව පිළිබඳව විවෘත මනසකින් යුක්තව කතාකළ යුතු මාතෘකාවක් බවට පත්ව තිබෙනවා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.