Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ඉතාලි තරුණියකගේ ඇපල් දුරකතනය සොරකම් කර රියදුරුට වැඩ වරදියි
    Local News

    ඉතාලි තරුණියකගේ ඇපල් දුරකතනය සොරකම් කර රියදුරුට වැඩ වරදියි

    By LFNMarch 6, 2023No Comments2 Mins Read367 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉතාලි ජාතික තරුණියකගේ රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන්දහසක් වටිනා (175,000) ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්සොරකම් කළ ත්‍රීරෝද රථ රියදුරෙකු මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්ශ්‍රීනිත් විජේසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුඔහුට වසර දෙකක සිර දඬුවම් නියම කොට එය වසර දහයකට අත්හිටුවීමටපියවර ගෙන රුපියල් 1500කදඩයක් ද නියම කොටසොරකම් කරන ලද ජංගම දුරකතනය නැවතත් එම ඉතාලි ජාතික තරුණියටභාර දෙන ලෙස නියෝග කළේය .

    එසේ දඬුවම් නියම වූයේඑම්. යු. පුෂ්පකුමාර නමැති බෝවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය .

    එම ඉතාලි ජාතික තරුණිය සහ තවත් තරුණියක්මෙරට ප්‍රධාන පෙළේකුලී රථ සේවාවක් ඔස්සේ ත්‍රීරෝද රථයක් වෙන් කරවා ගෙන ඔවුන් නැවතී සිටී හෝටලයේ සිට දළදා මාලිගාව නැරඹීම සඳහා පිටත්ව යන අවස්ථාවේදී ඇයගේ  ජංගම දුරකථනය ත්‍රීරෝද රථයේ අමතක වී ගොස් ඇති අතර පසුවත්‍රීරෝද රථ රියදුරුගේ ජංගම දුරකථනයට අමතා ඒ පිළිබඳව විමසුවත් එවැනි ජංගම දුරකථනයක් තිරෝද රථය තුළ නොතිබූ බව පැවසීම හේතුවෙන් එම තරුණිය මහනුවර මුලස්ථාන පොලීසියේසංචාරක පොලිසියට පැමිණිලි කොට තිබේ .

    ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය නැති වූ අපල් දුරකථන සෙවීමේ තාක්ෂණය ඔස්සේ දුරකථනය තිබෙන ස්ථානය පරීක්ෂාකොට සැකකරු ජංගම දුරකථනයත් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ .

    සැකකරු සහ ජංගම දුරකථනය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුට විවෘත අධිකරණයේ දැඩිව අවවාද කොට මෙරටට පැමිණෙන සංචාරකයන්ට මෙවැනි අපහසුතාවයන්ට පත් නොකරන ලෙස තරයේ අවවාද කරමින් ඉහත දඬුවම් නියම කළේය.

    එම ජංගම දුරකථනය අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය කළ තාක්ෂණික උපායමාර්ගයන් පිළිබඳවද පොලීසියට පැසසුම් කිරීමටද විනිසුරුවරයා පියවර ගත්තේය. මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය .

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.