Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»කොවිඩ් 19 හා සමාන ලෙඩක් ඉන්දියාවේ
    International

    කොවිඩ් 19 හා සමාන ලෙඩක් ඉන්දියාවේ

    By LFNMarch 5, 2023No Comments1 Min Read252 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොවිඩ් 19’ වයිරසයට සමාන, උණ හෙම්බිරිස්සා වයිරසයක් ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක පැතිර යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

    තද උණ, හිසරදය සහ කල්පවතින කැස්ස මෙම වයිරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ බව ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

    වයිරස ආසාදිතයන් වැඩි වැඩියෙන් හමුවීමත් සමඟ වයිරසය සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කෙරුණි.

    එහිදී අනාවරණය වුණු කරුණු අනුව, ඉන්දීය වෛද්‍ය පර්යේෂණ මණ්ඩලය පැහැදිලි කර ඇත්තේ, රටේ ව්‍යාප්ත වෙමින් පවතින්නේ, ‘ඉන්ෆ්ලුවෙන්සා’ වයිරසයට අයත් ‘එච්3එන්2’ උප ප්‍රභේදය බවය.

    සෙසු ‘ඉන්ෆ්ලුවෙන්සා’ ප්‍රභේද මෙන් නොව, ‘එච්3එන්2’ වයිරස ප්‍රභේදය දරුණු බවත්, ‘එච්3එන්2’ වයිරසය ආසාදනය වන වැඩි පිරිසකට ස්වසන ආබාධ ඇති වන බැවින් රෝහල්ගතවී ප්‍රතිකාර ගැනීමට සිදුවන බවත්, ඉන්දීය වෛද්‍යවරුන් පැහැදිලි කර තිබේ.

    තද උණ, හිසරදය සහ කල්පවතින කැස්සට අමතරව, පාචනව, සිරුරේ වේදනාව, උගුරේ ආසාදන, වමනය, කැරකිල්ල සෙසු රෝග ලක්ෂණ බව වෛද්‍යවරු පැහැදිලි කරති.

    නිතර දෑතක් පිරිසුදුව තබා ගැනීම, ඇස්, නාසය හෝ කට නිතර ස්පර්ශ කිරීමෙන් වැලකීම, ‘කොවිඩ් 19’ සමයේ මෙන් මුහුණු ආවරණ පැලඳීමට හුරුවීම වැනි නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් රෝගයෙන් ආරක්ෂා විය හැකි යැයි ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය පවසා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.